"මිනූර....."
........
"දරුවෝ......"
........
"කෝ ළමයෝ ඔයා...."
.........
"මිනුර.......ඉන්න තැනකින් එනවකෝ ළමයෝ...කන එක කනවා අහු උණොත් මගෙන්..."
උදේ පාන්දර...පාන්දර කිව්වට 8ටත් කිට්ටු වෙද්දී ඇහැරුන මං නිදි ගැටත් කඩ කඩ එයාව හොයන් මගෙ කාමරේට ගියා...වැස්සත් නිසා තාමත් නිදි ඇති හිතුවාත් කොල්ලා ඇදේ නැති වෙද්දී මං කතා කර කර ගේ පුරා ගියත් කොල්ලා නෑ....
ඊයේ පොඩ්ඩක් රණ්ඩු වෙලා කාමර දෙකක නිදියපු එක හරි ඉතිං...පොඩ්ඩක් තරහා උනාට කමක් නෑ...උදේ පාන්දර මගේත් යකා අවුස්සන්න ඕනා නෑනෙ...ඉන්න තැනකින් එළියට ආවා නම් මොකද....හැබැයි කෑම සුවදක් නම් එනවා කුසිය පැත්තෙන්....
"මාමා උදේම ආවාද...මේ වැස්සේ.."
"ආහ්.. පොඩි මහත්තයා ඇහැරියාද...මං මේ නිදි නිසා උයන්න ගත්තා...චූටි මහ.."
"හෝව් හෝව්...චූටි මහත්තයා කියන්න එපා මොන නම කිව්වත්...එයා කැමැති නෑ..."
මං කුසියට යද්දිම කූඩේකුත් ඉහලන් කරපිංචා වගේකුත් කඩන් කුසියේ දොරෙන් මතු උණ පාල මාමාව දැක්ක මං උත්තර දෙන ගමන්ම කුසියේ දොරෙනුත් ඔලුව එළියට දාලා බැලුවා...
"අනේ ඉතිං ඔය පොඩි දරුවෙක්ට ලොකු මහත්තයා කියන්න ඇයි...කරදඬු උස් වෙලා ලොක්කෙක් වගේ හිටියට වයසක්වත් නෑනෙ..."
"පුතා කියන්නකෝ...කෝ දැන්...."
"කෝ අහන්නේ... උදේමනෙ පිටත් උණේ...මාත් මේ කල්පනාව වැස්ස එනවා බල බල මොකට පිටත් උනාද කියලා...බයික් එකෙත්නේ ගියේ...මං ඒත් කිව්වා ඇහැරවලා යන්න කියලා..රෑ නිදි නෑ ඔය නිදියපුවාවේ කිව්වේ.."
මාමා කියද්දි මං බලන් හිටියෙ ඇස් දෙකත් අකුලං...අද ගෙදර යන්න යනවා කිව්වා නම් තමා දවල් වෙද්දී....ඒත් මේ මොනාද මේ කියන්නේ....
"බයික් එකේ...!! පිටත් උණා කිව්වේ..."
"ඇයි පොඩි මහත්තයාට කිව්වේ නැද්ද...ගෙදර යනවා කියාපු නිසා මං හිතුවෙ දන්නවා ඇති කියලා...මං ඒත් කිව්වා මේ වැස්ස එනවා බල බල බයික් එකේ යන්න එපා..බස් එකේ යන්න කියලා...මග රස්තියාදුවක් නැතිව යන්න එන්න පුළුවන් කියලානේ ඔය බයික්කේ යන්නම් කිව්වේ..."
YOU ARE READING
💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚
Romance🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා.... නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා..🥀 Start -2024/04/06