💔~~~ මුලාවේ 26 ~~~💔

514 71 153
                                    

~~~ මතක ~~~

කෙනෙකුට දෙයක් තේරුම් කරන එක...විශේසයෙන් හිතුවක්කාර පොඩි එකෙකුට දෙයක් තේරුම් කරන එක මොන තරම් අමාරුද කියන එක මං පහුගිය දවස් ටිකට හොඳ හැටි තේරුම් අරන් උන්නා..පොඩි අයට දෙයක් තේරුම් කරන එක ලේසි කිව්වාට ඒ කතාව බොරුවක් කරන ගමන් සාලිය මාමිගෙයි මිහිලගෙයි පැමිණිම නිසා විරසක උණ අප්පච්චියි කුමාර මාමයි දැනටමත් යාළුවෙලා උන්නත් ජානුව යාළු කරගන්න මට දවස් ගාණක් ඔට්ටු වෙන්න සිද්ද උණා...

කුමාර මාමා මුල්ම දවසෙ යුද්ධ කරාට...සාලිය මාමි එතනින් පස්සෙ කරන කියන හැම දේකම වගකීම අපෙ අප්පච්චිටම ගන්න වෙයි කියන මතක් කිරිම එක්ක පහුවදාම ඇවිත් අපෙ අප්පච්චිගෙන් සමාව ඉල්ලුවා වෙද්දී එතනින් පස්සෙ තරහත් නෑ යාලුත් නෑ...කව්ද කියන්න මං දන්නෙත් නෑ..කවුරු උණත් මට අදාලත් නෑ කියන සීන් එකෙන් කුමාර මාමි සාලිය මාමිට සැලකුවා...

ඒත් ජානු කරේම මටයි මිහිලටයි පුප්ප පුප්ප මාව මඟ අරින එකම වෙද්දී පස්සෙන් ගිහිං ගිහිං මං එයාව යාලු කරගන්න නොකරපු දෙයක් නැති තරම්...දවස් ගාණක අසාර්තක උත්සාහ කෝටියකට පස්සෙ අදත් මං ස්කූල් ඇරිලා එනගමන්ම ජානූලාගේ ගෙදරට ගොඩ උණා...

මං එද්දීත් , එකම පංතියටම වැටුණ මිහිලට අඩන්තේටමක් කරන්න ගිහිං ටීචගෙනුත් ගුටි කාලා ආපු පොඩි එකා අඬලා අඬලා පස්ස උඩ දාන් හොඳට නිදි වෙද්දී...තවත් මේ රංඩුව දුරදිග යන්න දෙන්න බැරි නිසා මං අදනම් කොහොමහරි යාලූකරාගන්න හිතන් ගෙදර නොයා ස්කූල් යුනිෆෝම් එක පිටින්ම ජානු ළඟින් ඇල උණා...

"ම්හ් පොඩී..."

මහන්සියටත් එක්ක මටත් නින්දක් යාගෙන එද්දී ජානු නින්දෙන්ම ළඟ නිදාගෙන උන්න මගෙ ඇග උඩින් අතඅකුයි කකුලකුයි දා ගත්තත් අනික් තප්පරේ ගැස්සිල ගිහිං නින්දෙන්ම මගේ කොණ්ඩේ අත ගාලා ඉන්නෙ මංමයි කියලා තහවුරු කරන් එහාට වෙද්දී මගේ හිත රිදුණත් මං නිදි වගේම මොහොතක් හිටියා...

"කොහෙද කොහෙද යන්නෙ මගේ හොර ගෙඩියා..."

"අ..අතාලින්න මං තලායි..."

"දැන් ඇති නේ පැටියෝ... ඔයා ඔහොම ඉද්දී අයියාට දුකයිනේ ඔකු..."

ඈතට ගියත් ආපහුම ඒ චුටි අතක් ඇවිත් මගෙ කම්මුලක දැනෙන නොදැන ගාණට නතර වෙද්දී මොකද කරන්නේ බලන්න මං නිදි වගේම උන්නත් නිහඬව ගෙවුණ මොහොතකට පස්සෙ ඇහුණ හූල්ලන සද්දෙ එක්ක ,ඇස් අරින තප්පරේටත් අඬාගෙනම ඇඳෙන් පනින්න හදපු පොඩි එකාව මං ඉක්මනින් අල්ලා ගත්තා....

💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚Where stories live. Discover now