"අහස උසට....
අහස උසට මිතුරු කමේ...
දළු ලියලනවා..... දළු ලියලනවා....
ලොවට උතුම්...
ළමා මිතුරු....තරු හිනැහෙනවා....
තර් හිනැහෙනවා...පොඩි පැටියෝ...
ඔයයි මමයි....
පොඩී මගේ....
නුඹයි මමයි....
රංචු ගැහෙන මේ ලෝකෙ
ලස්සන වෙනවා....
ලස්සන වෙනවා....🎵🎵"........
"ඕ..යේ...... ඇල්ලුවා ඇල්ලුවා...!! ආපහු ඇල්ලුවා..."
ස්කූල් එකේ ග්‍රවුන්ඩ් එක ළඟ ගල් බැම්ම උඩ වාඩිවෙලා ජානුයි මායි ලොකු අයියලා ක්‍රිකට් ගහන දිහා බලන් හිටියා...මං ළඟ වාඩිවෙලා මගේ අතකුත් අල්ලන් පද්ද පද්ද ජානු හිටියෙ ඊයේ පෙරේදා බලපු පොඩි අයගෙ ෆිල්ම් එකක සිංදුවක පදත් වෙනස් කරලා කියන ගමන් වෙද්දී...එකපාර මගේ අත අත ඇරපු ජානු බැම්මෙන් පැනලා කිවෙනි වතාවටදෝ අපි දිහාවට ආපු බෝලෙ අල්ලන් උඩ පැන පැන කෑ ගැහුවා...
"ඒ මේ පොඩි ඇටයා එක්ක බෑ ඕයි...ඩිලාන් මෙන්න මූට යන්න කියපන්කෝ බං..තෝ තමා මූව ගෙන්න ගන්නෙ..හැමදාම හොඳම හරියෙදි මැච් එක කනවා..
" එනවා මැද්දෙන් පනින්න....තෝ දැන් මට අල්ලන්න තිබුණ කැච් එක කීපාරක් ඇල්ලුවද...පලයං ගෙදර බෝලෙන්ම දෙන්න කලින්.."
බැට් කර කර උන්න අයියා බැට් එකත් උස්සන් අපි දිහාවට එද්දී මං ඉක්මනින් ගල් බැම්මෙන් බිමට පැනලා ජානුව කවර් කරලා ඉස්සරහින් හිට ගත්තා...ඒත් කොහෙ මේ ඇට පැටියාට ඕනාම මාව පස්සට දාන්න වෙද්දී...බෝල් කර කර හිටපු අයියා ඇවිත් ජානුගේ අතේ තිබුණ බෝලෙ උදුරා ගද්දී ජානු මාව පස්සට තල්ලු කරලා ඉස්සරහින් හිට ගත්තත් ඩිලාන් අයියා ඇවිත් අපි දෙන්නව කවර් කරලා හිට ගත්තා....
"පොඩි එකාට බනින්නේ මොකද උඹලා.....උඹ හරියට කැච් එක අල්ලපන්..උඹට අල්ලන්න බැරි උණා කියලා පොඩි එකා පලි නෑනෙ...අනික උඹ ඔය බනින්නේ සර්ලාගේ ළමයිට.."
"අනේ පල #රියො යන්න...තොට ඔය ගුරොන්ටයි උන්ගේ එවුන්ටයි අල්ලලා පුරුදු උනාට අපිට එහෙම පුරුදු නෑ...තෝ හිතන්න එපා අපි දන්නෙ නෑ කියලා..."
YOU ARE READING
💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚
Romance🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා.... නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා..🥀 Start -2024/04/06