"මට කතා කරන්න ඕනා....!!""අයෝමි ඇයි..."
"කතා කරන්න ඕනා කිව්වානේ...ටිකක් අරහෙටට එන්න..."
ඔහේ මනෝපාර ගහගෙන මට වැඩි වෙලා ඉන්න උණේ නෑ...ඇස් දෙකත් රතු කරන් ආපු අයෝමි මට එන්න කියන් යන්න යද්දී...මං මිනුරව හෙව්වත් හොයාගන්න බැරි උණා...මොකක්හරි ලොකු හේතුවක් නැතිව ඔහොම කතා කරන්නේ නෑ කියලා හිතුණ නිසා,
කටත් ඇරගෙන අපි දිහා බලන් උන්න ගනිදුට යනවා කියපු මං අයෝමි පිටිපස්සෙන් ගියා...සර්ලා ටීචලත් එක්ක බලනවා යකෝ....ඊලග වෙඩිම ඔන්න පෝලිමට ඇවිදන් යනවා කියනවා ඇති....මේ තරුකගේ වෙඩින් කේක් කන්න ඔහොම හීන මවලා මදි...බෝධි පූජා තිය තියා හීන මවන්න ඕනා.....
"මේ මොනවාද.......!!!"
ගිහිං ගිහිං ගිහිං...හෝල් එකේ තට්ටු දෙකකුත් නැගගෙන ගිහිං අයෝමි පාළු බැල්කනියක් කෙලවරේ නතරවෙද්දි මං වටපිටාවේ බැලුවෙ සැකෙන් වගේ....ඇයි අප්පා මෙතනින් පහලට පනිනවා වගේ තර්ජනේ කරලා ආදරේ ප්‍රකාශ කරන්නවත් යනවාද දන්නේ නැනේ...
ඒත් එකපාර නතර උණ අයෝමි මං දිහාට දික් කරපු ෆෝන් එකේ ස්ක්‍රින් එක දැකපු මගෙ සැකේ දුරුවෙලා ඉහින් කනින් දාදිය දැම්මා....
"ම්.. මේ...මේ..ක..."
"ඔව් ඒක...එකක් නෙමෙ...මේ...ගොඩක් තියෙනවා...මොකක්ද මන්දිණු මේ.....!!!"
අයියත් නෑ...සර් කෑලිත් නෑ...ඊටත් වඩා මට හිතා ගන්න බැරි උණේ මේවා මෙයාට කොහෙන්ද කියන එක වෙද්දී ෆෝන් එක උදුරන් ෆෝන් එකේ තිබුණ ෆොටෝස් බලන් බලන් ගියේ ඔළුවත් එක්ක ගිනි ගන්නවා වගේ හැඟීමකින් වෙද්දී...ඔළුවේ විකාරේටම මං අපබ්‍රංසයක් කියෙව්වා....
YOU ARE READING
💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚
Romance🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා.... නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා..🥀 Start -2024/04/06