💔~~~ මුලාවේ 29 ~~~💔

462 69 150
                                    

අපි උන්නේ අනුලා ටීචලාගේ නිවාසේ..ටීචගේ පුතා, ඔවිනි ටීචව බඳින්න උන්න පසන් අයියා රට ඉඳන් ඇවිත්... ඉතිං අද ඉරිදා, අපිටයි අනික් නිවාසේ උන්න ටීචලාටයි මේ ළඟපාත තව කීප දෙනෙකුටමයි දවල් කෑම...

ආරාධනා කරපු අනික් අය දැනටමත් ඇවිත් කාලා බීලා ගිහිං තිබුණත් මිනුර ක්ලාස් ඇරලා එනකං උන්න නිසා අපි ටීචලාගේ ගෙදරට එද්දීම 3ටත් කිට්ටු වෙලා තිබුණා...හිතා මතා වැඩිපුරත් පරක්කු වෙන්න එකම හේතුව මිනුරගෙ පැමිණිමම විතරක් නොවෙද්දී , ස්තොප්පුවේ අපි එනකංම බලන් හිටපු , පරක්කුවෙලා එන්න අනික් හේතුව උණ අයෝමිව දකිද්දී පරක්කු වෙලා ආව එකෙනුත් වැඩක් නැති උණා...

එකක් දෙකක් නෙමෙ...මාස 12ක් ගෙවිලා ගිහිං...ඔව්...මේ ඉස්කෝලෙ මගේ ගුරු ජීවිතේ පටන් අරන් අවුරුද්දක් ගෙවිලා ගිහිං...අලුත් ජනවාරියෙත් දවස් කීපයක් ගෙවිලා...මිනුර එක්ක එකට ඉන්න අරගෙනත් මාස 8කට වඩා ගෙවිලා ගිහිං තිබුණත්...ටීචලා උන්න නිවාස පහු කරගෙන,අනුලා ටීචලා ඉන්න ඉස්සර ජානුලා උන්න නිවාසෙ දිහාවට එනවා කියන එක...ඇත්තටම තාමත් මට අභියෝගයක්....

මාස ගාණකට කලින් නිවාසේ බලන්න ආපු දවසෙ විතරක් නෙමෙ...ඊට පස්සෙ එක එක හේතු නිසා මිනුර එක්කම කීප වතාවක් අපෙ අසල්වැසියෝ උණ අනුලා ටීචලාව බලන්න ඇවිත් යන්න වෙද්දී , ස්තොප්පුවෙන් උඩට ගොඩ නොවී , ආපු උවමනාව ඉශ්ට කරන් තේ කෝප්පයක් බීලා එන්න ආවත්...පාළුවට ගිය අපි උන්න නිවාසේ පේන මානේ, මේ පරණ පුරුදු වහල අතර ගෙවපු විනාඩි ගාණත් මට  ලොකු අපහසුවක් උණා...ඒ හැම රැයක්ම පරණ මතක නිසා වෙහෙසටපත් වෙන්න උණ, ගොඩක් අමාරු එකක් උණා...මිනුර මං ළඟින් උන්න නිසා විතරක්ම සැර බාල උණ...

ඉතිං අද...කෑමට ඇවිත් උන්න අපිට ප්‍රධාන දොරෙන් ඇවිත් නිවාසේ ඇතුලටම එන්න වෙද්දී ඉස්සරහා දොරෙන් ගිහිං පිටිපස්සේ දොරෙනුත් එළියට බහින්න වෙද්දී , විටින් විට ඇවිත් ගිහිං තිබුණ නිසාදෝ මිනුරට අමුත්තක් පුදුමයක් නොවුණත්...මං නම් උන්නේ කොහොමවත් හොදින් නෙමෙ...නිකං මාව කියවලා තේරුම් ගත්තා වගේ පොඩී..සර් කිය කිය මගෙ හෙවණැල්ල වගේ උන්න කොල්ලා නොයින්න මේ මතක සුවඳ පිරුණු බිත්ති අස්සෙ මගේ හුස්ම පවා හිරවෙන්න තිබුණා....

💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚Where stories live. Discover now