20) පුෂ්ප පළඳනා තරඟාවලිය [1]

4 2 0
                                    

"මම දුටුවා ඇදුරුතුමාගේ සළුව සෙලවෙනවා – ඔබ සිතන්නේ කුමක්ද? ඔහු රත් ලුඅ'න් මුදා හැරියා! ගු රාජාලියා හඹා යන විට එය රක්ත අකුණු සැරයක් මෙන් වූවා! පහරවල් කිහිපයකින්, රක්ත ආලෝකයෙන් ගුවන පිරී යද්දී, ගු රාජාලියාගේ පිහාටු වර්ෂාවක් මෙන් පොළොවට වැටෙනා ආකරයයි දැකගන්න හැකි වුණේ."

ජොං මින් යෑන් බොහෝ සෙයින් කතා කලේ ඔහු පුස්ථකයක් කියවන්නාක් මෙනි. හෙතෙම කෙතරම් දක්ෂ ද යත්, ලින්ග් ලොං ඔහුගේ කතාවට සවන් දුන්නා පමණක් නොව, දූ මින්ෂිං පවා ඊට උනන්දුවක් දැක්වීය. ෂුවැන්ජි තම හිස සලන්නට වූයේ තමා සත්‍ය වශයෙන්ම එම දර්ශනය දුටුවාක් මෙනි.

යූ ස'ෆං ඔහුව අධර්‍යමත් කරමින් සැහැල්ලුවෙන් මෙලෙස පැවසුවේය, "රත් ලුඅ'න් හි හිසකෙස්, එය නැති වී ගියා, වැඩි වැඩියෙන්, පසුව, එය තෙංගු අතින් විසිවී තුවාල ලැබුවා"

"මම එය පවසන්න හැදුවා පමණයි!" ජොං මින් යෑන් ඔහු දෙස බැලුවේ නොසතුටිනි. "පසුව . . . රත් ලුඅ'න් ගේ ශක්තිය හීන වී ගොස් එය තෙංගු විසින් සපා කෑවා. නමුත් ඇදුරුතුමන් සහ චූ යිං හොං ක්ෂණිකව ක්‍රියාත්මක වුණා! අසිපත් වල වර්ණාලෝකය රජත මකරුන් දහස් ගණනාවක් මහළු මනුෂ්‍යයෙක්ගේ දේහය සපා කෑවා වගේ."

"ඒ තෙංගු, එසේම අසිපත් වර්ණාලෝකයක් නොවේ, විනාකිරි බඳුනක්." යූ ස'ෆං කාරුණිකව ඔහුට සිහිපත් කළේය.

ජොං මින් යෑන් නොනවත්වාම ඔහු දෙස බලා සිටියේය, "එය විනාකිරි බඳුනක්! විනාකිරි බඳුන් මිලියන ගනණක් තෙංගු ගේ හිසට පහර දුන්නා!"

"එහි තිබුණේ ද්විත්වයක් පමණයි."

ජොං මින් යෑන් උඩ පනින්නට විය, "හේයි! ඔබ අදහස් කරන්නේ කුමක් ද! එලෙස බාධා කරන්න එපා!"

"මම සත්‍ය පවසන්නේ" යූ ස'ෆං සන්සුන්ව පැවසීය.

"ඔබ . . ." ජොං මින් යෑන්ට සත්‍ය වශයෙන්ම අවශ්‍ය වූයේ කවුරුන්ට හෝ පහර දීමටයි.

"එයට කමක් නැහැ, එයට කමක් නැහැ!" නොඉවසිල්ලෙන් බලා සිටි ලින්ග් ලොං තම දෑත වැනුවාය, "ස'ෆං කතා කිරීම නවත්වන්න! පුංචි සයවැන්නාට කතා කරන්න ඉඩ දෙන්න! මට දැනගැනීමට අවශ්‍යයි පියාණන් සහ අනෙක් අය ගූ රාජාලියාව යටත් කරගත්තේ කෙසේද කියලා? ඔවුන් ඌව ආපසු ගෙන එන ආකාරය මම දුටුවේ නැහැ! "

🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනියWhere stories live. Discover now