සාවුන් දඩයමට ලින්ග් ලොං සහ යූ ස'ෆං හා එක්වී මද වේලාවක් ගත වූ පසු හැරී බැලූ ෂුවැන්ජි හට දැකගන්නට ලැබුණේ ජොං මින් යෑන් අතුරුදන්ව ඇති ආකාරයයි "ආහ්, සයවැනි අයියණ්ඩි කොහිද?" ඇය විමතියට පත් වූවාය.
ලින්ග් ලොං යනු ආදරණීය හදවතක් ඇති කුඩා දැරියකි. ඇය හදිසියේම යූ ස'ෆං කෙරෙහි වු තම ප්‍රසාදය වැඩි කරන්නට විය. ජොං මින් යෑන් කොතැනක සිටියද, ඇය යූ ස'ෆං හඹා ගොස් ඔහු කැටපෝලය ඇද සාවාට පහර දෙන ආකාරය බලා සිටියාය. ඔහුට සත්‍ය වශයෙන්ම තිබුණේ ආකර්ෂණීය පෙනුමකි.
ෂුවැන්ජි දෙවරක් විමසූ නමුත් කිසිවෙකු ඇයට පිළිතුරු නොදුන් අතර, ලින්ග් ලොං සහ යූ ස'ෆං කැටපෝලය නිවැරදිව පහර එල්ල කිරීම සඳහා භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටියහ. ඇයට වටපිට බැලීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි, දුරින් සිටි ඈ හට, ජොං මින් යෑන් අධ්‍යාත්මික දිය උල්පත් අසල තම ජ්‍යේෂ්ඨ සහෝදරයා සමග අසුන් ගෙන සිටින ආකාරය පෙනුණු නමුත් ඔවුන් සාකච්ඡා කරන්නේ මොනවාද යන්න ඇය දැන සිටියේ නැත.
සාවුන් දඩයමට අලස වූ ඈ, ලින්ග් ලොං හට තම කැටපෝලය ලබා දී විනෝද වීමට එක් වීම සඳහා දිව ගියාය.
"හේයි, ෂුවැන්ජි පිටතට පැමිණෙන්නේ ඇයි?ඔබ තවදුරටත් දඩයම් කරන්නේ නැද්ද?" ඇය වනාන්තරයෙන් පිටතට එනු දුටු දූ මින්ෂිං හට මෙහි ඊටත් වඩා අමුත්තක් දැනුනි. මේ දරුවන් සිව් දෙනා මේ වන තුරු හොඳින් සිටියා නොවේද?
ඔහු අසලින් අසුන් ගත් ෂුවැන්ජි, පුළුස්සන ලද අවසන් මත්ස්‍යයාව දෑතට ගෙන, පිඬක් ආහාරයට ගනිමින් සුසුමක් හෙළුවාය, "මට... සටන් කරන්න බැහැ, එය විනෝදජනක නැහැ."
ඇයගේ වෙනස් නොවන ස්වභාවය දැන සිටි දූ මින්ෂිං සිනාසෙමින් මෙලෙස පැවසුවේය, "සෙමින් ආහාරයට ගන්න. ප්‍රමාණවත් නැත්නම් මම තව මත්ස්‍යයින් දෙදෙනෙක් අල්ලාගන්නම්."
මත්ස්‍යයෙකු අනුභව කර අවසන් වු ජොං මින් යෑන් සිටියේ බුම්මාගෙනය. මත්ස්‍යයා පිළිබඳව ඇසුණු විගස ඔහු තම අත් සළු එකට පිරිමදිමින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණි "මම ඌව අල්ලන්නම්!". ඔහුට අවධානය වෙනතකට යොමු කිරීමට කිසිවක් නොතිබුණි.
![](https://img.wattpad.com/cover/300195251-288-k632241.jpg)
ESTÁS LEYENDO
🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනිය
Romance************************************************************* අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? *************************...