නීල වර්ණ ලෝගුවෙන් සැරසී සිටි පුද්ගලයා කිසිවක් පැවසීමට පෙරම, ඔහුට පිටුපසින් සිටි නීල වර්ණ ලෝගුවක් හැඳගත් තවත් කුඩා පුද්ගලයෙක් එක්වරම අඩි දෙකක් ඉදිරියට ගොස්, යූ ස'ෆං ගේ නාසයට ඇඟිල්ල දිගු කර තදින් මෙසේ විමසීය, "කෝ ඔබේ වෙස්මුහුණ!"
ඔහුගේ වදන් වල ගැබ් වූ කෝපන්විත බව හමුවේ යූ ස'ෆං තවත් වෙව්ලන්නට වූ අතර කිසිවක් පවසා ගැනීමටද නොහැකි විය.
එම පුද්ගලයා දැඩි ලෙස මෙලෙස පැවසුවේය, "ඔබ ලී ස' මාලිගයේ නීතිය කඩ කළ බව ඔබ දන්නවාද? මම ඔබෙන් විමසන්නේ ලී ස' මාලිගයේ තෙළෙස් අණපනත් පිළිබඳව ඔබට තැකීමක් නැතිද?"
යූ ස'ෆං පොළොවට ඇදවැටී වෙව්ලන්නට විය, "මේ ශිෂ්‍යයා ඔහුගේ වැරැද්ද දන්නවා! මම දඬුවම් විඳීමට කැමතියි!"
එවිට එම පුද්ගලයා මෙලෙස පිළිතුරු දුනි "කමක් නැහැ. අපි නැවත මාළිගයට ගිය පසු මාළිගා ප්‍රධානීතුමා තීරණය කරාවි."
"බිය වන්න එපා. ස'ෆං, මම ඔබෙන් විමසන්නේ, වෙස් මුහුණ ගැලවී ගියේ කෙසේද?", තමා කතා කර අවසන් කිරීමට පෙර නීල වර්ණ ලෝගුව හැඳගත් පුද්ගලයා විමසුවේය.
බියට පත් වූ යූ ස'ෆං රහසින් මෙසේ පැවසුවේය, "නිකාය ප්‍රධානී චූ සහ ඔවුන් පස්දෙනාගෙන් යුත් කණ්ඩායමට අසුරයන් දමනයට සහාය වන ලෙස මාළිගා උපප්රධානීතුමා මට නියෝග කළා. අසුරයින් සමඟ සටනේදී වෙස් මුහුණ විනාශ වී ගියා. මම එයට එතරම් විශිෂ්ට අයෙක් නොවේ, එබැවින් මා හට දඬුවම් පමුණුවන ලෙස මම ඇදුරුතුමාගෙන් ඉල්ලාසිටිනවා."
නීල වර්ණ ලෝගුව හැඳගත් පුද්ගලයා, 'ඔහ් ' ලෙස පවසා ඉහළ බැලීය. මුහුණේ වෙස්මුහුණක් පැළඳ සිටියත් ඔහුගේ දෑස් විදුලියක් මෙන් සැමගේ මුහුණු පිසගිය ආකාරය සත්‍ය වශයෙන්ම භයංකාර බව සියළු දෙනාට දැණුනි.
"වෙස්මුහුණ විනාශ වූ පසු, තත්වය සමනය කිරීමට ඔබ කිසිවක් කළේ නැහැ, නමුත් ඔබ තවත් මිනිසුන්ට ඔබේ සැබෑ මුහුණ දැකීමට ඉඩ දුන්නා නොවේද?" ඔහු සෙමින් පැවසුවේය.
යූ ස'ෆං ගේ සිරුර වෙව්ලන්නට වූ අතර බොහෝ වේලාවක් නිහඬව සිටි ඔහු අවසානයේදී හිස සැලීය.
CZYTASZ
🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනිය
Romans************************************************************* අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? *************************...