එක් රාත්‍රියක් තානායමේ විවේක ගත් ඔවුන්, පසුදා නැවත ෂාඕයැන්ග් කඳු මුදුන වෙත පිටත් වූහ.
මෙවර අසුරයා දඩයම් කිරීමට අඩමසකට ආසන්න කාලයක් ගත වුණි, ෂුවැන්ජි මෙතරම් කාලයක් නිවසින් බැහැරව සිටි ප්‍රථම අවස්ථාව මෙයයි. ඇයට සත්‍ය වශයෙන්ම ශෝකයක් දැනුණි.
ලින්ග් ලොං හට කෙසේද කියා මම කල්පනා කරන්නේ, ඇයට පැමිණීමට නොහැකි වීම පිළිබඳව ඇය තවමත් කෝපයෙන්ද දන්නේ නැහැ?
මම සිතන්නේ නැහැ මෑණියන් තවත් ඒ පිළිබඳව කරදර වේවි කියලා, සමහරවිට ඇය ලින්ග් ලොං ට රසවත් ආහාර පවා සාදා දෙන්න ඇති!
නැවත ගිය පසු, මට තවදුරටත් භයානක මින්ග්ෂියා ගුහාවේ ජීවත් වීමට අවශ්‍ය වන්නේ නැහැ, මට පුෂ්ප පළඳනා තරඟාවලිය නරඹන්න හැකි වේවි. එදින ඉතා සුබ දිනයක් බව ෂුවැන්ජි හට හදිසියේම දැනුණි.
තමා ඉදිරිපස ඇය රහසින් සිනාසෙනු දුටු චූ යිං හොං මෙලෙස විමසුවාය, " ඔබ ඊයේ දින සිට අද වන තුරුම සිනා සෙනවා. පැමිණෙන්න, හොං නැන්දණියට පවසන්න, ඔබ කුමක් පිළිබඳවද සතුටු වන්නේ?"
තම ශරීරය ඇගේ පපු පෙදෙසට ළං කල ෂුවැන්ජි තම පාද යටින් ගමන් කරනා මේඝයන් දෙස බලමින් රහසින් පිළිතුරු දුන්නාය, "සියල්ල විනෝදජනකයි. මම කිසිදාක දැන සිටියේ නැහැ පිටතට ක්‍රීඩා කිරීමට පැමිණි විට මට මෙතරම් සතුටක් දැණේවි කියලා. එසේම පිටතට පැමිණියාට පසුව නැවත යාමට ලැබීම පිළිබඳව සිතන විට තවත් සතුටුයි."
චූ යිං හොං සිනාසුණි: "පුංචි කෙල්ලට නිවස සිහි වෙලා! ඔබ පිටතට ගොස් ගෙවුණේ අඩමසක් පමණයි. වයස අවුරුදු දහසය වන විට, ඔබට කඳුකරයේ පුහුණු වීමට සිදුවේවි."
ෂුවැන්ජි කනස්සල්ලෙන් මෙලෙස පැවසුවාය, "එසේනම්... මට පිටතට යා නොහැකිද? නැතිනම් මාස කිහිපයකට ගොස් නැවතත් බැලීමට පැමිණෙන්න හෝ."
චු යිං හොං තම හිස සැලුවාය: "ෂුවැන්ජි, ඔබ දැන් වැඩිලා ඉන්නේ, පවුලෙන් ලැබෙන ආරක්ෂාව අතහැරිය යුතුයි. ගැහැණු දරුවෙක් වුණත්, ඔබ ඵලදායී මනුෂ්‍යයෙක් වන ආකාරය ඉගෙනගත යුතුයි, මෙවර සිදුකළ ආකාරයට සියල්ලන්ම පහතට අදින්න බැහැ. මෙය ඔබව පුහුණු කිරීමට පමණක් නෙවෙයි, ඔබට ආරක්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයින්ව ආරක්ෂා කිරීමටයි. ඔබව ආරක්ෂා කිරීමට ඔබේ ආදරණීයයන් තුවාල ලබන ආකාරය හෝ මිය යන ආකාරය දැකීමට ඔබට අවශ්‍යද? "
ESTÁS LEYENDO
🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනිය
Romance************************************************************* අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? *************************...