තරගාවලියේ පළමු දිනය අවසන් වූයේ ශිෂ්‍යයින් අඩක් ඉවත් කරමිනි. පුෂ්ප පළඳනා තරඟාවලිය අනෙක් තරඟාවලීන්ට වඩා වෙනස් වන්නේ ඔබ පරාජය වූ පසුව ඔබට ආපසු යාමට මගක් නොවන හෙයින් ශිෂ්‍යයින් තම නිකායට කීර්තියක් අත්පත් කරදීමට සහ ඉක්මනින් තරඟයෙන් ඉවත්වීම වළක්වා ගැනීමට හැකි සෑම දෙයක්ම සිදු කිරීමයි.
සවස් වරුව අවසානයේදී තම කාර්යය අවසන් කළ චූ ලෙයි සහ ඔහුගේ භාර්යාව, තම දියණිය ෂුවැන්ජිගේ තත්වය කෙසේදැයි බැලීමට ඉක්මන් වූහ.
හ' දන් පින් දිනක් පුරාවට කඳුළු සඟවාගෙන සිටියද, ෂුවැන්ජිගේ හිස වෙළුම් පටි වලින් වැසී තිබෙනු දැක අවසානයේ ඒවා වැගිරෙව්වාය.
"තුවාලය බරපතළද? වේදනා දෙනවාද?" ඇය තම දියණිය දෑතින් වැළඳ ගත්තේ කඳුළු සලමිනි.
තම ආහාරය ගනිමින් සිටි ෂුවැන්ජි, බදින ලද මාංශ වලින් මුව පුරවාගෙන නොසිතාම මෙසේ පැවසුවාය.
"මෑණියනි, මම සුවෙන්, කිසිම හානියක් නැහැ. බලන්න!" ඇය පසුබෑමකින් තොරවම තම දෑතින් තුවාලයට තට්ටු කළාය.
හ' දන් පින් වහාම ඇගේ දෑත අල්ලාගෙන මෙලෙස පවසන්නට වූවාය," සෙලවෙන්න එපා! තුවාලය නැවත විවෘත වුවහොත් සිදුකරන්නේ කුමක්ද? "
තුවාලය පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ චූ ලෙයි ඇගේ හිසේ වු වෙළුම් පටි සියුම්ව ඉවත් කළේය. තවමත් වෙළුම් පටි මත රුධිර පැල්ලම් තිබුණි, නමුත් ඇගේ හිසෙහි තුවාලයක් නොතිබුණි, හිස මුදුනේ පමණක්, රුධිරයෙන් තෙත් වූ ඇගේ හිසකෙස් කොටසක්, වියළී ගොස් තිබුණි, පහතින් වූ හිස් කබල හොඳින් ය, කුඩා කැපුමක්වත් දැක ගත නොහැකි විය.
ඔහු මොහොතකට පුදුමයටත් ව්‍යාකූලත්වයටත් පත් විය.
මද වේලාවකට පසු ඔහු අවසානයේ සුසුම්ලමින් පැවසුවේ "ඔබ ඉගෙනීමට එතරම් දක්ෂ නොවූ නිසා ඔබට මෙම ඉරණම අත්විය යුතුයි. ඔබ අනෙක් අය මෙන් අඩක් හෝ වෙහෙස වී කටයුතු කළා නම් අද ඔබ මෙතරම් අපහසු තත්ත්වයකට පත් වන්නේ නැහැ." ලෙසයි.
ඔහු නැවතත් තමාට දොස් පවරන බව ෂුවැන්ජි හට දැනුණු විට, තම ආහාරය පවා ගැනීමට නොහැකි තරමටම ඇය කලකිරීමට පත් වූවාය.
VOCÊ ESTÁ LENDO
🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනිය
Romance************************************************************* අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? *************************...