ඔබට ලූතායි කඳුකරය වෙත පිවිසීමට අවැසි නම්, ඔබ පළමුව ලූතායි නගරය වෙත යා යුතුය. මෙය බොහෝ සංචාරකයන් සහ වෙළෙන්දන් අතර හුවමාරු වන ප්‍රසිද්ධ කියමනකි.
ලූතායි නගරය එහි කඩතොළු සහිත පාෂාණමය භූ දර්ශනය සඳහා පමණක්ම නොව, එහි නිෂ්පාදිත උසස් ප්‍රමිතියෙන් යුත් වයින් සහ ඇම්බර් පළතුරු වලටද මහත් ප්‍රසිද්ධියක් උසුලයි.
පවසන ආකාරයට නම් එහි වයින් නිෂ්පාදනය කරන්නේ ලූතායි කඳු පාමුල පමණක් දක්නට ලැබෙන පලතුරු වර්ගයකිනි. මුද්‍රා තැබූ වයින් බඳුන වසර කිහිපයක් සුරාගාරයක තැබීමෙන් අනතුරුව, එහි පෙණ ඉවත් කර ඔප දැමූ බඳුනකට වත් කරයි. වයින් වල වර්ණය ඇම්බර් වල පැහැයට සමානය, දීප්තිමත් තද කහ වර්ණයකි, එමෙන්ම කර්කශ පළතුරු සුවඳක් උසුලයි, එම නිසා පැරැන්නන් එය ප්‍රසිද්ධිය උදෙසාම ඇම්බර් වයින් ලෙස නම් කර ඇත.
කණ්ඩායම ලූතායි නගරයට පිවිසෙන විට දහවල පසුවී තිබුණි, වීදිවල සිටියේද දෙතුන් දෙනෙකු පමණි, අතීතයේ පැවති සමෘද්ධිමත් දර්ශනයට වඩා බෙහෙවින්ම වෙනස් ය. ඊට හේතුව අසුරයන් විසින් මනුෂ්‍යයින්ව ආහාරයට ගැනීම හේතුවෙන් ඔවුන් බියෙන් ජීවත් වීම යැයි ඔවුන් අනුමාන කළහ. පසුගිය කාලයේ වූ මුදල් හිඟකම හේතුවෙන් පදික වෙළෙන්දන් පවා වූයේ දුක්මුසු මුහුණෙනි.
වට පිට බැලූ ෂිඒ ලෙයි දොම්නස් සහගත දර්ශනය දැක සුසුම්ලන්නට විය, "අසුරයන් ගැටළු ඇති කරනවා, සාමාන්‍ය ජනතාවට සාමයෙන් යුතුව ජීවත් විය නොහැකියි."
ඔහුගේ පිටට තට්ටු කළ දොං ෆං චිංචි, "චූ සහෝදරයා, මුහුණ හකුලාගෙන කරදර වෙන්නේ ඇයි, අපි අද මෙතනට පැමිණිලා සිටින්නේ අසුරයන් තුරන් කිරීමට නොවේද?" යැයි විමසුවේය.
ඔවුන්ගේ කතා බහ අතරතුරේදී ඒ වන විටත් චූ යිං හොං පදික වෙලෙන්දෙකු මාර්ගයෙන් තොරතුරු රැස් කරගෙන සිනාමුසු මුහුණෙන් නැවත පැමිනෙමින් සිටියාය, "අයියණ්ඩි, කරදර වෙන්න එපා. මම එහායින් සිටින බාල සහෝදරයෙක්ගෙන් විමසුවා, ඔහු පැවසුවේ අසුරයින් දෙදෙනා සාමාන්‍යයෙන් රාත්‍රියේ දර්ශනය වන බව, දිවා කාලයේදී මිනිසුන්ට පහරදෙන්නේ කලාතුරකින්ලු. අපි ගිමන් හැරීමට තානායමක් සොයා ගෙන, රාත්රියේදී කඳුකරය වෙත යමු."
VOUS LISEZ
🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනිය
Roman d'amour************************************************************* අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? *************************...