චූ ෂුවැන්ජි පිටතින් අලස පෙනුමැති අයෙක් වුවත්, ඇතුලාන්තයෙන් ඇය සතුව කදාමිණක් මෙන් පැහැදිලි දැඩි හදවතක් ඇත. පෙර භවයන් හිදී ඇයගේ ජීවිතයේ සිදුවූ විවිධ සිදුවීම් හේතුවෙන් මෙම භවයේදී හැඟීම් දැනීමේ හෝ වටහා ගැනීමේ හැකියාව ඇය තුළින් ගිලිහී ගොස් තිබුණි. අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? පුෂ්ප පළඳනා තරඟාවලිය අවසානයෙන් තේරී පත් වුණු චූ ෂුවැන්ජි, තම පියා සහ නිකායෙහි සහෝදරයෙකු වන ජොං මින් යෑන් සමග කඳුකරය පාමුල වෙතට පිටත් වූයේ අමනුෂ්‍යයන් දඩයම් කිරීමේ අරමුණ ඇතිවය. එහිදී චූ ෂුවැන්ජි හට ලී ස’ නිකායෙහි ගෝලයෙකු වන යූ ස’ෆං මුණ ගැසේ. අමනුෂ්‍යයින් තුරන් කිරීමේ වික්‍රමාන්විතය අතරතුරේදී චූ ෂුවැන්ජි තුළින් මතුවූ පෙර නොවූ විරූ ආකාරයේ ශක්තියක් සහ බල පරාක්‍රමයක් හඳුනාගැනීමට සමත් වූ ජොං මින් යෑන් ඒ පිළිබඳව සැලකිලිමත් වේ. මේ අතර යූ ස’ෆං ගේ සිතෙහිද චූ ෂුවැන්ජි පිළිබඳව යම් උනන්දුවක් ඇතිවේ.
ෂාඕයැං නිකායට ඔවුන් නැවත පිවිසීමෙන් පසුව තම සොයුරිය වන ලින්ග් ලොං සමගින් ලෝක ගවේෂණයේ යෙදීමට චූ ෂුවැන්ජි අදහස් කරයි. සමුළුවෙන් පසුව , දියැන් ජිං නිකායෙහි ගෝලයෙකු වන වූ තොං විසින් බලවත් ධ්යානවේද ක්‍රමයක් භාවිතයෙන් තරඟාවලිය අතරතුරේදී චූ ෂුවැන්ජි හට තුවාල කිරීමට ගත් උත්සාහය හේතුවෙන් ලින්ග් ලොංගේ සිතෙහි වූ තොං පිළිබඳව වෛරයක් ඇති විය. වූ තොං ගෙන් පළිගැනීමට මෙම මිතුරන් සිව් දෙනා එක්වන්නේ ඔවුන්ගේ මතු ආපදාවන්ට නොදැනුවත්වම ඔවුන් විසින්ම බීජ වපුරා ගනිමිනි.
ඔවුන් වෙන් වී සිව් වසරකට පසු ෂාඕ යැං නිකායෙහි තරුණ ගෝලයන් තම පුහුණු වීම් සිදු කිරීම සඳහා නැවතත් කඳුකරය පාමුළට පිවිසේ. කුඩා කල සිටම එකට හැදී වැඩුණු චූ ෂුවැන්ජි, ලින්ග් ලොං සහ ජොං මින් යෑන් හට එහිදී නැවතත් යූ ස’ෆං ව මුණගැසෙන අතර ඔවුන් එකිනෙක කෙරෙහි ආදරයෙන් බැඳේ. එක් අතකින් ජොං මින් යෑන් සහ ලින්ග් ලොං කුඩා කල සිටම එකිනෙකාට ප්‍රේම කිරීමට පටන් ගෙන තිබුණි. එමෙන්ම චූ ෂුවැන්ජි ද ජොං මින් යෑන් කෙරෙහි ඇල්මක් දක්වයි. චූ ෂුවැන්ජී, යූ ස’ෆං සමග බොහෝ සෙයින් ආදරයෙන් බැඳුනත් ජොං මින් යෑන් කෙරෙහි ඇගේ සිතේ තිබූ හැඟීම් අතහැරියේ නැත.මෙය ගාඕ කඳුකරයේ අමනුෂ්‍යයන් දඩයම් කරන අවස්ථාවේදී බිහිසුණු සිදුවීමකට තුඩු දුන් අතර එය ලින්ග් ලොං ගේ හදිසි අතුරුදන් වීමට සහ පංච මහා නිකායන් විසින් කලක් තිස්සේ සඟවා ගෙන ආ රහසක් හෙළි කිරීමට හේතු විය.ෆූ යූ දිවයින වෙත පිවිසි චූ ෂුවැන්ජී සහ යූ ස’ෆං, නැවතත් ජොං මින් යෑන් සමග එක් වූයේ අමනුෂ්‍යයන්ගේ පහරකෑම් වලට ලක්වීමට පෙරය. එහිදී පෙනී යන්නට වූයේ බලවත් යක්ෂයෙකු සිර කර තැබීම සඳහා දෙවියන් විසින් භාවිතා කළ යදම් සෑම නිකායක් සතුවම පවතින බවයි. මෑතක සිට අමනුෂ්‍යයින්ගේ ක්‍රියාකරකම් වැඩි වීමට හේතුව වී තිබුණේ මෙම බලවත් යක්ෂයා මුදාගෙන පංච මහා නිකායන් විනාශ කිරීමේ උත්සාහයක් පැවති හෙයිනි.
මේ සියල්ල සිදුවන අතරතුරේදී ලින්ග් ලොං නැවතත් මතුවේ . නමුත් සත්‍ය වශයෙන්ම සිදුවී තිබුණේ වූ තොං විසින් පළිගැනීම උදෙසා ලින්ග් ලොං ගේ ආත්මය පැහරගෙන නිකාය වලට තර්ජනය කිරීමට උත්සාහ කිරීමයි. ලින්ග් ලොං ව මුදා ගැනීම උදෙසා චූෂුවැන්ජී සහ අනෙකුත් අය ස’ හු (The Purple Fox) ගේ අදහසට එකඟ වී චිංයෑන් නගරයට පිවිසෙන්නේ පළමුව අමරණීයයෙකු මුදා ගැනීමටයි.පසුව ඔවුන් ස’ හු ව අනුගමනය කරමින් බුජොව් කඳුකරය වෙත පිවිසේ.
*****************************************
පෙර භවයකදී සිදුවූ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙසින් ෂුවැන්ජි , “ආෂියූලුඕ" නම් වූ අසුර දේවතාවකුගේ සිට සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස පුනරුප්පත්තිය ලැබීය. එමෙන්ම ඇගේ නොදැනුවත්කම හේතුවෙන් ඇය අමරණීයත්වය කරා යන මාවතට පිවිසේ. කුඩා කළ සිටම අලස, අවිධිමත් , අන් අය විසින් අප්‍රිය කළ චරිතයක් වූ ඇය අමනුෂ්‍යයන් දඩයම් කිරීමේ ගමන අතරතුරේදී හමුවූ යූ ස’ෆං ගේ හදවත දිනාගැනීමට සමත් වේ. නමුත් ෂුවැන්ජි තම හදවත ඔහු වෙත විවර කිරීමට සැරසෙත්ම යම් වරදවා වටහා ගැනීමක් ඔවුන්ව වෙන් කරයි.
ෂුවැන්ජි හට ප්‍රේමය සහ පෙර භවයේ කුමන්ත්‍රණය යන ද්විත්ව පිඩනයටම මැදි වීමට සිදුවෙයි. මෙම භවයේදී මනුෂ්‍යයෙකු වීම යනු කුමක්දැයි ෂුවැන්ජි හට තේරුම් ගැනීමට හැකි වේවිද? සත්‍ය වශයෙන්ම පුද්ගලයෙක්ට සෙනෙහස දක්වන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට ඇයට හැකිවේවිද? ඇය සැබවින්ම අවිනිශ්චිතයි....
*****************************************
කතුවදන : මෙය Love and Redemption කතාමාලාවට පාදක කරගත් මුල් නවකතාවෙහි ඉංග්‍රීසි පරිවර්තනයේ සිංහල අනුවාදය වන අතර මෙහි එන කතා වස්තුව හෝ චරිත කිසිවක් මා හා නොබැඳේ.මා වෘත්තීමය පරිවර්තකයෙකු නොවන නිසාවෙන්ද මෙය හුදෙක් මාගේ විනෝදය උදෙසා සිදු කරනා පරිවර්තනයක් වන බැවින්ද මෙහි යම් යම් අඩුපාඩු තිබිය හැකි බැවින් ඒ සියල්ලටම සමාව ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.
•
•
•
•
මේ දවස් වල Campus එකේ Academic වැඩයි, exam වලට ලෑස්ති වෙන නිසයි කතාව දෙන්න ටිකක් කල් යයි..... ටිකක් කිව්වට මාස තුනක්වත් යයි. මොකද මේ පරිවර්තනයට අවසර ලැබුණෙ නොහිතපු වෙලාවක. ඒ ගැන සමාව ඉල්ලන ගමන් පුළුවන් තරන් ඉක්මනට පළවෙනි පරිච්ඡේදය අරන් එන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා....
•
•
💙❤️HeLi💙❤️
أنت تقرأ
🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනිය
عاطفية************************************************************* අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? *************************...