17) මුතු සංසිද්ධිය [3]

6 1 0
                                    

ලු තායි කඳු පාමුල විශාල තළාකයක් ඇති අතර, එහි සැඟවී සිටින ගූ රාජාලීන් විසින් මිනිසුන් ඇදගෙන යන බවට පැතිරුනු කටකතා හේතුවෙන් කිසිවෙක් එහි බොහෝ වේලා රැදෙන්නට තරම් නිර්භීත වන්නේ නැත.

ෂුවැන්ජි සහ ජොං මින් යෑන් විසින් කිඳුරාව තළාකය අද්දරට ගෙන ගොස් ප්‍රවේශමින් ඔහුව පර්වතයක් මත තැබීය. ජොං මින් යෑන් එතැනට දිව ගිය හෙයින් ඔහු වදනකුදු හෝ පිට කිරීමට නොහැකි තරම් වෙහෙසට පත්ව සිටියේය. ඔහුට කළ හැකි වූයේ පොළොව මත හිඳගෙන හුස්ම අල්ලමින් මෙසේ පැවසීම පමණි, "ෂුවැන්ජි... ඔබ ප්‍රථමයෙන්... ඔහු පිළිබඳව බලන්න..."

ෂුවැන්ජි සිටියේ කිඳුරා අසලින් අසුන් ගෙනය, ඔහු තුවාලවලින් වැසී ගොස් සිටි අතර පීඩාවට හසු නොවූ කිසිදු කොටසක් නොතිබුණු බව ඇය දුටුවාය. "ඔබට . . . එය වේදනයිද? මා සතුව ඖෂධ ස්වල්පයක් තියනවා, මට එය ඔබට ලබා දිය හැකියි."

දිය කිඳුරා ඇය දෙස බලා සිටියේ තමාට ඇයව තේරුම් ගැනීමට නොහැකි වූවාක් මෙනි, ඔහු තම ඇසි පිය හෙලුවේද නැත.

ෂුවැන්ජි, ජොං මින් යෑන් ගේ සළුවෙන් අදින්නට වූවාය, "මම කළ යුත්තේ කුමක්ද? ඔහුට මාව වැටහෙන්නේ නැහැ වගේ."

"ඔබ... හිතන්න එපා, ඔහුට වැටහුණත් නැතත් ඔහුව බලාගන්න! ඔබ ඔහුට ප්‍රතිකාර කළ යුතුයි. පසුව ඔහුට යන්න දෙන්න!" ජොං මින් යෑන් අවසානයේ පොළොව මතට ඇද වැටුණේ වදනක් හෝ පැවසීමට අකමැත්තෙනි.

ෂාඕයැන්ග් නිකායට ආවේණික අද්විතීය ඖෂධය තම ඉණෙහි වූ තැළිසම් පැසෙන් ඉවතට ගත් ෂුවැන්ජි, රුධිරයෙන් සහ ජලයෙන් වැසී තිබුණු, අපිරිසිදු මෙන්ම සමහරක් කොටස් විවෘතව සුදු හම් පෑදී තිබුණු තුවාල දෙස බලා සිටියාය.

ඇය යුහුසුළුව තම ලේන්සුව දෙකට ඉරා, තළාකයෙහි ජලයේ පොඟවා ඔහුගේ තුවාල පිරිසිදු කර පසුව ඖෂධ ගැල්වීය. භ්‍යාග්‍යයකට මෙන්, මෑතකදී සිදු වූ අසුර දඩයම හේතුවෙන් බොහෝ දෙනෙකුට තුවාල සිදු හෙයින් ඇයගේ පැසෙහි තවමත් ඉතිරි වූ ගෝස් සහ වෙළුම් පටියක් තිබුණි, එය ඔහුව තදින් එතීමට ප්‍රමාණවත් විය.

සහනයට පත් වූ ෂුවැන්ජි ජොං මින් යෑන් ව අනුගමනය කරමින් තණතිල්ල මත හිඳගෙන, තම දණිස මත නිකට තබා ගෙන හිස් බැල්මකින් දියකිඳුරා දෙස බලා සිටියාය.

🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනියOù les histoires vivent. Découvrez maintenant