ඇය මිය ගියේ කෙසේද යන්න ඇගේ මතකයේ නැත.
සල්පිලකදී ඇගේ හිස ගසා දැමුවාද, රෝගී වීම හේතුවෙන් තම යහන මත මිය ගියාද... ඇයට මතකයට නැගෙන්නේ නැත.
ඇගේ සිරුර බැඳ තිබූ යදම් වලින් අල්ලාගත් ආරක්ෂකයින් සිව් දෙනා විසින් ඉදිරියට ඇදගෙන යන ඈ හට කිසිවෙකුගේ සරණක් නොවීය.
අහස්කුස හරහා දිවෙන ගිනිදැල් යම් අවස්ථාවන්හිදී මාවත දෙපස වූ රත්මකුළු ලිලී පුෂ්පයන්*[1] මතට පතිත වන අතර, මනුෂ්යයකුගේන් අඩක් පමණ උසට හරිත වර්ණ ගිනිදැල් විහිදුවයි. එම හරිත වර්ණ ගිනිදැල් සහ රත් පැහැ පුෂ්පයන් අතිශයින්ම සිත් ඇදගන්නාසුළුය.
මාර්ගයෙහි බෙදුම් ගණනය කළ නොහැකි තරම් විය,ශ්වේත වර්ණයෙන් සැරසී සිටි ඇය වැනිම අභිනවයෙන් මියගිය අයවලුන් ආරක්ෂකයින් විසින් ඇදගෙන යනු පෙනේ. සමහරෙක් හඬන්නට විය, සමහරෙක් සිනාසෙන්නට වූ අතර තවත් සමහරෙක් තමාටම යම් යම් දෑ මුමුණාගන්නට විය. කෙසේ වෙතත්, යමෙකු තම මරණය පිළිබඳව කෙතරම් පසුතැවිලි වුවත්, විසල් වාතලය මගින් ඔවුන්ව යටපත් කරනු ඇත.
අවසානයේ, ඇයට කළ හැකි එකම දෙය නම් නිහඬව ඉදිරියට ගොස් පුරවරයෙහි ඈත දොරටුව පසුකරයාමයි.
ඇයව ගෙන ගිය ආරක්ෂකයින් මඟින් නතර වී ඇය දොරටුවෙන් ඇතුළු වනතෙක් බලා සිටියහ.
ධූසර අහස් කුස දෙසත්, දැල්වෙන ගිනිසිළු දෙසත්, රක්ත වර්ණ මකුළු ලිලී පුෂ්පයන් දෙසත් ඈ අලස ලෙස බලාසිටියාය. රත් මකුළු ලිලී පුෂ්පයන් මකර නිය මෙන් වක්‍රය, එමෙන්ම ඒවා බොහෝ සෙයින් අවධානමට ලක් විය හැකිවාක් මෙනි, නමුත් එයින් සැහැසි බවක්ද දිස්විය.
ඇය බොහෝ සෙයින් බිය වී සිටියාය, නමුත් එකෙනෙහිම ඇය පිටුපස වූ ආරක්ෂකයින් කිහිපදෙනෙකු පවසන යමක් ඇගේ කන වැකුණි, " මම දන්නේ නැහැ අප කොපමණ වෙලා බලා සිටිය යුතුද කියා, නමුත් මෙම නව අවතාරයන් ඉතාම ඝෝෂාකාරියි, ඇයි අපි ඔවුන්ට අමතක වීමේ ගංගාවෙන්*[2] ජලය පෙවීම ආරම්භ නොකරන්නේ? පුනරුත්පත්තියට පෙර කෙසේ හෝ ඔවුන්ට එය ලබා ගැනීමට සිදුවෙනවා."
ŞİMDİ OKUDUĞUN
🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනිය
Romantizm************************************************************* අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? *************************...