පසුදා උදෑසන හ' දන් පිං තම ස්වාමිපුරුෂයා සමග පුෂ්ප පළඳනා තරඟාවලියේ කටයුතු සූදානම් කිරීම සඳහා කඳු ශිඛරය වෙත පිවිසුණි.
දරුවන් දහවල් තුන පමණ වනතුරු නිදන්නට වූ අතර, උදෑසන ආහාරය ගැනීමෙන් පසුව, ඔවුහු යූ ස'ෆංව ෂාඕයැන්ග් කඳුකරයෙහි වටපිටාව පෙන්වීම සඳහා පිටතට රැගෙන ගියහ.
ෂාඕයැංග් කඳුකරයේ ශිඛර සතක් ඇත, ඉන් විශාලතම ශිඛරය වන්නේ ෂාඕයැන්ග් ශිඛරයයි. ෂුවැන්ජිව වරක් සඟවා තැබූ මින්ග්ෂියා ගුහාව පිහිටා ඇත්තේ උතුරු පෙදෙසෙහි වූ බෙයිෂන්‍යැං ශිඛරයෙහි ය. එහි වූ රළු ගල්පර සහ දුෂ්කර භූමි ප්‍රදේශ නිසා සාමාන්‍ය මනුෂ්‍යයින්ට එය තරණය කිරීම අපහසුය. දඬුවම් පැමිණවීම භාරව සිටින, ජ්‍යේෂ්ඨ හ' යැං විසින් මෙහෙයවන ෂ'න්ෂියා ශාලාව පිහිටා ඇත්තේද බෙයිෂන්‍යැං ශිඛරයේය.
මෙම සප්ත කඳු ශිඛරයන් අතුරින් වඩාත්ම සුන්දර වන්නේ ෂියාඕ යැන්ග් ශිඛරයයි. එය අනෙක් ශිඛරයන් තරම් ඉතා උස් නොවුණත් , එය හරිත වර්ණයෙන් පිරි අතිශයින් සුන්දර දර්ශනයන්ගෙන් යුක්ත වූවකි. බොහෝ විට දුර්ලභ මෙන්ම ආගන්තුක සත්ත්වයින් එහි විය. පසුපස කඳුකරයේ තවත් අධ්‍යාත්මික දිය උල්පත් තිබේ. දිය උල්පත් වටා වැඩුණු අත්කෘෂ්ට කුන්ලුන් ජේඩ් ශාඛාවන් සහ පලතුරු ඒවායේ සුගන්ධය පතුරුවයි.
චු යිං හොං ගේ භාරකාරිත්වය යටතේ ඇති යූයැං ශාලාව පිහිටා ඇත්තේ ෂියාඕයැන්ග් ශිඛරයෙහි ය.
අනෙකුත් පංච ශිඛරයන් වන්නේ චින්‍යැන්ග්,බින්‍යැන්ග්,ජියැන්ග්,යුඒයැං සහ ජොංයැන්ග් වන අතර ඒවායෙහි විවිධ ශාලා භාරව තවත් ජ්‍යේෂ්ඨයින් පස් දෙනෙකු සිටී.
මෙම ශිඛර සය සහ ශාඛාවන් සය උසම ශිඛරය වන ෂාඕයැන්ග් ශිඛරය වටා තදින් ගොනු වී, නිකාය, බලගතු මෙන්ම ක්‍රමානුකූල කර ඇත. එහා මෙහා ඇවිද ගිය යූ ස'ෆං තම හදවත් පත්ලෙන්ම අගයමින් ෂාඕයැන්ග් නිකාය පංච නිකායන් අතුරින් වඩාත් වැදගත් වූයේ මන්ද යන්න වටහා ගත්තේය.
"පෙරදී ඇදුරුතුමා නිතරම පැවසුවේ මනුෂ්‍යයින්ගේ කාලය, පිහිටීම සහ සමගිය අත්‍යවශ්‍ය බව. ෂාඕයැන්ග් නිකායෙහි ඒ ත්‍රිත්වයම පවතිනවා, එය ලොව පුරා ප්‍රසිද්ධ වීම පුදුමයක් නොවේ, "ඔහු තම වචන පැකිළෙමින් පැවසීය.
VOCÊ ESTÁ LENDO
🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනිය
Romance************************************************************* අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? *************************...