28) පුෂ්ප පළඳනා තරඟාවලිය [9]

8 1 0
                                    

රන් සියයක් වටිනා කුඩා රජත සර්පයා අල්ලාගැනීමෙන් ජයග්‍රහණය කරන්නේ කුමන පාර්ශවයද යන්න තරුණ ශිෂ්‍යයින් අතර කතාබහට ලක්වූ මාතෘකාව හැරෙන්නට පසුදා සුපුරුදු පරිදි පුෂ්ප පළඳනා තරඟාවලිය ආරම්භ විය.

උදෑසන ශිෂ්‍යයින් සියල්ලෝම තම කුටි වල ද්වාරයෙහි දැන්වීමක් තැබුවේ ලී ස' මාළිගයෙහි එක්තරා ශිෂ්‍යයෙකුට අයත් වූ අධ්‍යාත්මික සත්වයෙකු වූ රජත සර්පයෙක් අතුරුදන්ව ඇති බව පවසමිනි. ඔහු සර්පයා සමඟ හැදී වැඩුණු අතර ගැඹුරු සම්බන්ධතාවයක් ඇත. ඌ කොතැනකවත් සොයාගන්නට නැත, ඔහුගේ හදවත අතිශයින් කනස්සල්ලට පත්ව ඇත. සර්පයා ආපසු ගෙන ඒමට හැකි ඕනෑම අයෙකුට ඔහු රන් කහවණු සියයක් ලබා දෙන බව පැවසේ.

ප්‍රථමයෙන්, විවිධ ගුරුකුලයන් වල බොහෝ ශිෂ්‍යයින් ප්‍රමාණයක් සටන් නැරඹීමට පැමිණි අතර, කිරීමට කිසිවක් නොමැති බොහෝ දෙනෙක් එහි සිටියහ. රන් කහවණු සියයක් ලබා ගැනීමට හැකි බව ඔවුන්ට සැලවුණු විගස සියළු දෙනාම ඒ සඳහා උත්සාහ කිරීමට උත්සුක වූහ. යූ ස'ෆං ගේ කුටිය උදෑසන සිටම හිස්ව නොතිබුණි.

"අප සර්පයා සොයාගත් පසු ඔබට රන් කහවණු ලබා දිය නොහැකි වුවොත් කුමක්ද සිදු කරන්නේ?"

එම පුද්ගලයා ෂුවැන් යුආන් නිකායට අයත් වූවෙක් අතර ඔහු දිගු වේලාවක් මුළුල්ලේ යූ ස'ෆං ගේ කුටියේ රැඳී සිටින්නට වූයේය.

ඒ වන විටත් ෂුවැන් යුආන් නිකාය පිළිබඳව පිළිකුලෙන් සිටි ලින්ග් ලොං, ඔවුන් උදෑසන පටන්ම සිටින බව දැක කෑ ගැසුවාය, "ඌව සොයා ගන්න, නැතිනම් පිටව යන්න! කාලය අපතේ හරින්න එපා! "

යූ ස'ෆං දෑත් වනමින් මෙසේ පැවසුවේය, "අපට රජත සර්පයා සොයා ගත හැකි වුවහොත්, මම මුදල් ප්‍රමාණයෙන් අඩක් පියවන්නම්."

මැණික් කටුව ඉහළට ඔසවා ගත් ඔහු, අත් සළුවෙන් කුඩා පැතලි මඤ්ඤුජාවක් ගෙන එය මෘදු ලෙස විවෘත කළේය. එය මද නීල වර්ණ සේද ලේයරයකින් ආවරණය කර තිබුණු අතර, ඒ මත කුඩා ඇඟිල්ලක් තරම් මද හරිත වර්ණ පබළු විය. එය ඉතා පැහැදිලි මෙන්ම අලංකාර විය.

ඔහු මුතු පබළුව කරකවා නැවත ජොං මින් යෑන් දෙසට ඇසි පිය හෙළුවේය, ඔහු වහාම තේරුම් ගත් අතර, සියලු කවුළු කාල වර්ණ වස්ත්‍රයකින් වසා දමා කුටිය අඳුරු කළේය.

Hai finito le parti pubblicate.

⏰ Ultimo aggiornamento: Aug 31 ⏰

Aggiungi questa storia alla tua Biblioteca per ricevere una notifica quando verrà pubblicata la prossima parte!

🧚 කදාමිණ කන්‍යාවිය 🧚 පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනියDove le storie prendono vita. Scoprilo ora