හවස් වෙද්දි ඕශියා අනවුස් කරන්න හිටපු පොඩි උන්ව නියමෙටම හැදුවා.. ඌ ස්කෝලේ මීඩියා සොසයිටි එකේ ඉදලා.. ඇමති පුතු පැටියාට ඉතින් ඕන දෙයක්නේ.. සමන්ත.. ඌට ඕනම දෙයක් පුලුවන්..
සඳූ ටෙන්ට් ගහලා මුට්ටි වලට එක එක දහ ජරාව පුරවලා කණා මුට්ටි ටිකත් හැදුවා.. මන් ඒ අතරේ දිනේ එක්ක කෑම ඕඩර් දාපුවට සල්ලි දෙන්නයි ගෙනාපු බඩු වල සල්ලි බේරන්නයි ගියා..
" රං අණ්නට ශුපිරි යාලුවෝ ඉන්නවා.. "
දිනේ කියුවේ අපි මහන්සිය යන්න කියලා පිට්ටනියේ කොනේ වාඩි උන වෙලාවේ.. ඇත්ත ඇත්ත.. උන් මගේ සහෝදරයෝ වගේ.. ඕශි ළමයි ටික අල්ලගෙන බරටම වැඩ.. මිනා සඳූ එක්ක ඔංචිල්ලාවක් බඳිනවා.. උන් ටවුමෙන් ආවේ කියලා අඳුනගන්න පුලුවන් ඇදුම් නිසා විතරයි.. ගමේ කොල්ලෝ ශර්ට් එකක්වත් නැතුවනේ හිටියේ.. මේ තුන් දෙනා බ්‍රෑන්ඩඩ් ශර්ට් ඇදගෙන.. රංට හරි ආඩම්බරයි සමන්ත.. ලොකූ ගියා දහම් පාසලෙන් දෙනවා කියපු අයිටම් හරිද බලන්න.. නැටුමක් තියෙනවා කියලා එකපාරට ඕක නෑ අනේ කියුවොත් රං මෙතන චුටාං බටීචා නටවන්නත නේත සමන්ත.. බෑනේ ඒම කරන්න.. ඕන්නම් සින්දුවක් කියවන්න පුලුවන් මුන් දෙන්නට කියලා..
ගහපු ටෙන්ට් පොල් අතු වලින් සරසලා.. මුන් එක එක කැටයම් දාන්න ලෑස්ති වෙනවා.. ඒ අදහස නම් ආවේ සුරාජයාගෙන්.. ගොක්කොළ වලින් එක එක ඒවා දැම්මම පරණ තාලේ ගෙවල් වගේ පේනවත් එක්කනේ.. කොහොමත් සංවිධායක මණ්ඩලේ කොල්ලෝ ටික සරම් ගහන්නේ.. ගමේ කෙල්ලෝ ලුංගිය.. සංවිධායක මණ්ඩලේට දෙන්න වෙනම බැචුත් ගැහුවා..
" කැටයම් දාන ඒවා හෙට දාපන්..සුරාජ්.. "
" නෑ රං.. අද ප්ලෑන් කරලා තිබ්බම ලේසිනේ..හෙට තමා ගහන්නේ"
" ඕ හොඳ විදියක් බලපන්.. "
මන් නැගිටලා කොල්ලෝ ටික ළගට ගියා.. දිනේ බිල් එකතු කරලා පිළිවෙලට හදනවා.. ඌට මෙලෝ සිහියක් නෑ. සමහර වෙලාවට කලබලේට අතේ තියෙන සල්ලිත් දෙතුන් පාර ගණන් කරනවා.. මන් කෑගැහුවම හුස්මක් අරන් ආයෙ පටන් ගත්තා.. රං ඉතින් හැමතැනම වැඩ්ඩා.. සමන්ත.. ලොකූගේ පවර් එක තමයි.. වරහන් ඇතුලේ ලොකූ නැත්නම් කොරයි තමයි හුම්..
YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚♂️) KookV🌟
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...