ළා හිරු එළිය මුලු ලෝකයක් වහ ගන්න හෙමින් හෙමින් ඇදෙද්දි... බැල්කනියක පැද්දෙන පුටුවක් කහ පාට ශර්ට් එහෙකට තද නිල් කලු ශෝටක් ඇදපු හැඩිදැඩි තරුණයෙක් උන්නා.. බෙල්ල අසලටම වැවුනු කොණ්ඩෙකුත්.. තැනින් තැන වැවී ගිය රැවුලකුත් හිමිවූ ඔහු පෙනුමින් බේබද්දෙකුට සම කළ හැක්කෙක්.. අතෙහි වූ සිගරට්ටුව බඳුනට දමා මත්පැන් වත් කරගත් ඔහු නැගී එන හිරු දෙසම බලා සිටියා.........~
" මේන්.. මේ කාළකන්නියා අදත් මෙතන.. තොට කියුවා නේද ප#කෝ.. මෙතනට එන්නෙපා කියලා.. අම්මපා බූල්.. මළපනිනවා උදේ පාන්දර !!! "
එසැනින් හිරු දෙසට වැටී තිබූ මලානික දෙනෙතක් කෑගසන ඔහුගේ මිතුරා ට යොමු උනා... හුරු පුරුදු තද දුඹුරු ඇස්.. හිමි කරු.....
අකාලයේ අමාවක හිමි වූ..
මුරණ්ඩු සඳ..
" කෑගහන්නෙපා..මිනා "
සඳැස් කියද්දිම එතනට ආවේ නිකූ.. දැන් එයාට බේරෙන්න කොහෙත්ම බෑ කියලා සඳැස් දන්නවා... එයාට ඕන උනේ තනි වෙන්න..ඒත් කරුමෙකට එයාගේ අයියවත්.. හොඳම යාලුවවත් ඒකට ඉඩ දුන්නෑ.. මොකද ඒ තනි වුනු හැම පාරකම.. සඳැස් හුස්ම ටික බේරගත්තේ හරි අමාරුවෙන්.. වෙන හේතු ඕන්නෑ එයාලා දෙන්නට බූල්ව තනි නොකර ඉන්න..
සීතල පිණි වැටෙන පාන්දර ළා ඉර එළිය හරි ලස්සනට මුලු වටපිටාවම දිලිසවන්න සමත් උනත් ඒ මළානික ඇස්.. තාමත් පායලා තියෙන සඳ දිහා බලන් උන්නා... නැගෙන ඉර එළිය එයාගේ සඳ දිහාවට තියෙන බැල්මට හරස් වෙලා... ඒත් ඒ බැල්ම නැවතුනේ නැතිවෙද්දි.. හිරු පරාජය බාර අරන්..
" අතාරින එක එච්චර ලේසි ද බූල් ? "
සඳැස් යන්තන් හිනා උනා... මිනාගේ ප්රශ්නෙට උත්තර මිනා ළගත් තියෙනවා.. ඔශධව එකපාරක් එයා අතෑරියා.. ඒත් ඒකෙන් සතුටක් එයාට ලැබුනද කියලා දන්නේ මිනාම විතරක් වෙද්දි සඳැස් ආයෙත් සඳ දිහාවට ඇස් යොමු කළා.. ලේසි... හැමදේම උනු චූටිව අතාරින්න ලේසි උනේ නෑ..
කාගෙවත් ඉස්සරහ ඔලුව පහත් නොකරන සඳැස්.. ලොකූගේ කකුල් ළග දණ ගැහුවේ මේ අත්හරින එක ඒතරම් ලේසි නිසාද... කඳුලු පෙරන්න නොදන්න සඳැස්... එදා චූටිව පපුවට තද කරගෙන ඉකි ගහලා ඇඬුවේ එයාව දාලා එන්න ඒ තරම් ලේසි උනු නිසා ද...

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...