" හොද වෙලාවට දිනේශන් පුතා ආවේ.. නැත්නම් මේ බූරු පැටියා නැගිටිද්දි අට පහු වෙනවා "දිනේ මගේ පස්සෙන්ම ඇවිත් කුස්සියේ උලුවස්ස ළග හිටගෙන.. උන් මේතරම් ෆිට් නෑ ඉස්සර.. ඒ උනාට ලොකූ එක්ක එයා කියනවා වගේ රංට වඩා ෆිට්.. රං ඉතින් වැඩිය ගැටුනේ නෑනේ මේකි මට ගැටෙන්න දුන්නෑනේ සමන්ත.. මුන්ගේ ගෙවල් වල ගිහින් විකාර කරලා සමහර දවස් වලට එනවා.. ඒත් අපේ ගේ ඉස්සරහින් කොල්ලෝ සෙට් එක යන්නේ රහත් වෙච්ච හාමුදුරුවෝ වගේ පුදුම සංවර කමකින්.. එව්වා දැන් කියලා වැඩක් නෑ සමන්ත උබ තේ හදපන් හුම්..
" මොකක්ද අම්මා..ඊයෙත් අට වෙද්දි නැගිටලා හිටියේ මන්.. "
" ඉතින් ඒ නැගිට්ටෙත් මේ පුතා ආපු නිසානේ "
කුමාරි සමඟ වාද කිරීම සඳහා සමන්තට මිතුරෙක් සොයනු ලැබේ..සමන්තට වැඩක් නෑ.. ඌ රංට උදව් අරන්නෙඝ් නෑනේ.. හුම්..හැමතැනම වෙන්නේ අසාදාරනේ සමන්ත..රංට ඔලුව උස්සන්නම බෑනේ.හුම්.. මන් කුමාරිව පේන්නෑ වගේ ලොකූ ළගට ගිහින් පෙට්ටි කට උල් කරා..
" කට වටේ ගොලුබෙල්ලෝ ගියපු පාරවල්..! හැටි බලනවා රං..!!! ගිහින් මූන හෝදන් එනවා.. "
සමන්ත..!!!!!!!!!!
නිබ්බයි නිබ්බියි උන් දෙන්නගේ වැඩ..නැන්දා අත්තම්මා අල්ලගෙන බයිල ගොඩක් කියවනවා.. උන්ටත් කරන්න දෙයක් තියෙන්න එපයි සමන්ත.. ඇම්ඩල ගහ කපන්න එකෙක් අරම් ගිහින් පටවන් එන්න හාමුදුරුවෝ ලොරියක් සෙට් කරලා.. ඒ නිසා ආයේ පන්සලට බාන්නැතුව කෙලින්ම පිට්ටනියෙම දාලා තියන්න හාමුදුරුවොම කියුවා.. කොල්ලෝ දහයකට වඩා එතනට සෙට් වෙලා.. රංට විතරක් ගෙදරට වෙලා ඉන්න බෑනේ.. අනිත් එක මන් සභාපතිතුමා.. මාත් ලොකූට කියලා එළියට බැස්සා..
" රං.. කෑම ඕඩර් එක දෙන්නේ කොහොම ද ? "
" මන් එනගමන් නෙත්සරව යැව්වා ඒකට .. තෑගි ගේන්න යමන් අද හවස් වෙලා "
" නුවන් අයියත් තෑගි වගයක් දෙන්නම් කියුවා "
" ඒක හොදයි සල්ලි වෙනුවට තෑගි දෙන්නම් කියපු ගෙවල් වලින් ඒ ටික හවස් වෙද්දි එකතු කරන්න ඕන."
YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚♂️) KookV🌟
Fanfic'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...