" රං අයියා.. ගමෙන් සල්ලි එකතු කරන්න වෙනවා නේ.. මොකෝ කියන්නේ ඒකට "කොල්ලෝ ටික වටේට එකතු වෙලා මීටිමක්.. මන් ඔලුව වැනුවා.. සමන්ත අපි මෙව්වා පුරුදු වෙන්න කරන වැඩ නෙවිනේ..
" බල කරන්න බෑ.. ඒත් පොඩි උන්ට මොනා හරි දෙන්න පුලුවන් අපිට මේකෙන්.."
" කඩේ නුවන් අයියත් උදව් කරන්නම් කියුවා රං.. "
සුරාජයා කියද්දි මන් ඌට ෆිට් එකක් පෙන්නුවා.. ආධාර කරනවනම් ඉතින් මෙව්වා නතින් නේ.. සමන්ත.. ලොකූ හිටියනම් එයා තමයි මේවා ගැන බලලා සල්ලි බෙදන වැඩ එහෙම කරන්නේ..
" ලොකු හාමුදුරුවෝ කියපු නිසා අපිට දහම් පාසලේ සපෝට් එකත් හම්බෙනවා.. ඒ ළමයින්ට පොදු තෑග්ගක්වත් දෙන්න වෙනවා ඒක නිසා.. "
" මුලින්ම මේකට භාණ්ඩාගාරික කෙනෙකුයි සභාපති කෙනෙකුයි ඕන.. අපි නිකන් ගොඩයෝ ටික වගේ පටන් ගත්තම අන්තිමට එක එකා හැලිලා මේකේ වගකීමක් ගන්න එකෙක් නැතිවෙනවා.. සුරාජ් උබට තේරෙනවනේ මන් කියන දේ "
මන් ටිකක් බැරෑරුම් කරලම කියුවා.. ලොකූ උනත් කියන්නේ වගකීමක් අරන් වැඩක් කරනකොට අපිට එන ප්රශ්න වලට මුහුන දීලා ඒවගෙන් හොඳ අත්දැකීමක් ගන්න පුලුවන් කියලා.. අනික කැම්පස් පටන් ගත්තම මේවගේ වැඩ කරන්න වෙන්නෑනේ රංට.. ඒනිසා මේක සුපිරියටම කරනවා..
" ෂභාපතිලා යේක.. රං අණ්නා තමා බෙස්ට්ම.. ඇම් අයි රයිට් බ්රෝලා..? "
දිනේ ළග ඉදපු එකා දිහා බලලා කියද්දි ඌත් ඔලුව වැනුවා..ළගදි ඕලෙවල් ලියපු පොඩි කොල්ලෙක් මට මතකයි ඕකා ඉස්සර හූනු බිත්තරේ වගේ සමන්ත.. සමන්ත උබ මේවා බලන්න ඕන්නෑ උබ ගිහින් තේ හදපන්.. සීනි අඩුවෙන් දාහන් ඈ..
" ඔව් රං.. උබනේ කොහොමත් හැම එකේදිම මුල හිටියේ.. එනිසා උබම වෙන්න ඕන දේ ප්ලෑන් කරලා කියපන්.. අපි සපෝට් එක දෙන්නම්.."
අනේ සමන්ත.. ම්හුක්.. ලැජ්ජයිත් වගේ.. ඒ උනාට මන් ඒක පේන්නැති වෙන්න සීරියස් මූඩ් එකක් හදාගෙන මූන පුම්බන් හිටියේ මගේ සඳූ වගේ.. එයත් ඒමනේ.. එතකොට මාත් සඳූ වගේ හැන්ඩියට පේනවා ඇති නේත සමන්ත.. ලොකූහේ රං ඩිංග කෝමත් හැන්ඩියනේ..
![](https://img.wattpad.com/cover/351645571-288-k566995.jpg)
YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...