වැටුනු මල් බොකි එක පැත්තක වෙද්දි..සදෙව් කලේ වේගෙන් දුවපු එක..!!!!
කනත්තක ආරූඩේ දරාපු මීට කලින් හුරතලේකින් පිරිලා තිබුනු කඩවසම් මුහුණ.. ඇස් අනියත බයකින් පිරිලා ගියේ එක විනාඩියකින්..
" සඳූ මැණික.. බෑ නේද උබට එහෙම කරන්න.. උන් කියපු පළියට මාව අතෑරියා මදි ද උබට ?
මේ තරම් දුර යන්නත් ඕන උනා ද යකෝ !!! මාව මේ තරම් ඈත් කරන්න මන් උබට මොනාද කරේ සඳූ.."
සදෙව්ගේ හිත කෑගහද්දි ඈතින් නොපෙනී යන හුරු රූපයක් පස්සේ දිව්වා.. ඒ රූපේ.. ඇස් වලට හොඳටම හුරු රූපයක් වෙද්දි සදෙව් එයා පපුවට දැනුනු මහන්සිය නිසාම ඒ ශක්තිමත් අත තද කරලා අල්ලගත්තා.....
" සඳූ...!!! "
සදෙව් කෑගහද්දි ඒ රූපේ ඇස් ලොකු කරගෙන සදෙව් දිහාවට මූන හැරෙව්වේ පුදුමෙන්.. හිතේ ඇඳුනු පුරුදු රූපේ එතන නැතිවෙද්දි.. සදෙව් රැවටිලා.. එයාට එයාගේ සඳූව අදුනගන්න බැරි තරම්.. ඒ පෙට්ටි ඇස් මං මුළා වෙලා..
" අහ් "
" සොරී.. "
චූටි වේගෙන් වටපිට බැලුවත් සදැස්ගේ චායාවක්වත් නැති වෙද්දි එයා කලේ වේගෙන් මේන් රෝඩ් එකට දුවන් ආපුඑක..
විසි උනු බොකි එක.. සඳැස්ගේ අකුරු එබුන කඩදාසිය... මේ හැමදෙයක්ම සදෙව් ළග නැති වෙද්දි එයා නොදැනුවත්වම එයා පණ වගේ ආදරේ කරපු සදැස්ව මගැරගත්තා.. අතින් විතරක් අතෑරපු.. හිතින් වගේම.. පුලුවන් හැම වෙලාවකම ළග උන්නු සඳැස්.. සදෙව්ව මඟෑරගත්තා.. චූටිම කාලේ එයාව අමතක කරා වගේම..ආයේත් දෛවය බලෙන් අමතක කරවන්න උත්සහ කරපු ආදරවන්තයෝ දෙන්නෙක්.. එකිනෙකාව ලබා ගන්න උත්සාහ කරද්දි.. ඒ හිත් කිසිම කතාවකින් තොරවම.. ඇස් මුන නොගැසීම දුර ඈතට වෙන්න විශාල අරගලේක....මලානික ඇස් තද රතු පැහැයකට හැරෙද්දි.. ගිනියම් වුනු ඇස් වල තවමත් කඳුලු බිඳුවක් වත් නැති වෙද්දි.. ඒ හීනි තොල් පට නොනවත්වාම වෙව්ලමින් තිබුනා.. අඬන්න උවමනා උනත් නොහඬපු සදෙව්ට.. දැන් කඳුලු ඒ ඇස් වල පුරවගන්නත් ආයාසයක් දරන්න වෙලා.. දඩබ්බර පිරිමි හිත එක් තැනක නතර වෙලා.. මුලු ආත්මෙම එකෙක්ට පවරලා තියෙද්දි.. ඒ ආත්මේ ඉබාගාතේ දුවලම හති වැටුනා.. ගල් හිත දඩබ්බර කම්.. මළානික ඇස් වලින් යට වෙද්දි.. ඒ ආත්මේ ආත්මාර්ථකාමී උනා... අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න පෙරුම් පිරුව ඔහු.. තමන් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගනිද්දි.. ඔහු ආදරේ කළ.. ඔහුව ගොඩනගපු ඒ පිරිමි ආත්මය ඔහුව දාලා යන්නම ගිහින්....
YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚♂️) KookV🌟
Fanfic'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...