" මගේ..චූටී ළමයෝ... නැගිටින්න දැන්.. "
.
.
.
.
.' ම්ම්.. මගේ සඳූ මැණික.. '
විශ්වකර්මයක් වෙලා..
ආවොතින් විනා...
ආයෙමත් ඔයා...
මගේ වෙන්නේ නෑ සදා..ඈතින් ඇහුනු පද පේළිය ඔලුව ඇතුලේ වට රවුම් යද්දි.. කෙවෙනි පෙඟුනු උණුසුම් කඳුලු බිංඳු දිය වෙලා පල්ලම් බහිද්දි.. දිය වෙන්න දඟළන කොට්ටේ මම මූණ හංගගත්තා...
සඳූ මට රිදෙනවනේ.. !
හැමදාම මගේ කණ ළග ඇහුනු ඒ වචන දැන් හීනෙකට විතරක් සීමා වෙලා.. කොට්ටෙන් මූණ ගත්ත මන් බැලුවේ ෆෝන් එක.. සඳූගේන් මොනවම හරි දෙයක් ඇති.. ම්.. මන් හරි කාළකන්නියෙක්.. ඕන් කරලා ස්ක්‍රීන් ලොක් කරන්නත් කලින් ෆෝන් එක ඕෆ් උනා.. අඩුම මගේ ෆෝන් එකටවත් දරාගන්න බැරුව.. මුලු රෑම සඳූයි මායි ගනිපු ෆොටෝස් බල බල.. ඒකම නම්බරේට මැසේජ් සීයකට වඩා මන් දාන්නැති... ඩිස්ප්ලේ එකේ ඉරක් නැති තැනක් නැතිම තරම්.. බිම වැටුනටත් වඩා.. ෆෝන් එකේ මගේ අතින් අතෑරුනු වාර ගාන මන් දන්නෙවත් නෑ..
" රං මහත්තයෝ...අසනීපයක්වත් ද.. මන් බලාන.. දැන් දවස් ගාණක් මුලු ගැහිලා.. ගෙදරම මූකලානක් වෙලානේ රත්තරනේ.. අසනීපයක් නම් හැන්දෑවට ඩිස්පෙන්සැරියට ගිහින් එමු.. "
ඇතුළට එන්නෙත් නැතුවම අත්තම්මා දොර ළග හිටගෙන කියද්දි මන් එයා දිහා බලන් හිටියා.. කඳුලුවලටම ඇස් බොඳ වෙලා..ඇස් පියන් ඇරගෙන ඉන්නවත් බැරි තරම් රිදෙනවා.. ඒත් අත්තම්මව බය කරන්න මට ඕන්නෑ.. ඒ අහිංසක ආත්මේ මේ කිසිම දෙයක් දන්නෑ... මීට අවුරුදු ගාණකට කලින් මුලු ගේ පුරාම දුව දුව සඳූලා එක්ක ඉදපු අත්තම්මා නෙවෙයි උන්නේ.. හීන්දෑරි උනු අඩුවෙන් ඇහෙන.. අඩුවෙන් පේන. ඉදහිට හැදුනු කකුල් අමාරුව..ඒක දැන් වැඩිවෙල..ඇවිදින්නේ වාරුවක් එක්ක...මේ අහිංසක ආත්මෙ රිදවන්නේ මොන හිතකින්ද.. ඒත් මගේ වචනයක් නැති වෙද්දි අමාරුවෙන් අඩි තිය තියම බිත්තිය අල්ලන් එයා ඇද උඩින් වාඩි උනා..
" අත්තම්මේ.. "
" මොකද රත්තරනේ... උගුරත් බැරැඬි වෙලා... ඉඟුරු කෑල්ලක් දාලා තේ ඩිංගක් ගේන්නද මහත්තයට.. "
YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚♂️) KookV🌟
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...