1 2 9

527 112 180
                                    

Note :- ඒ සින්දුවත් අහගෙන කියවලා බලන්න... බනියා ලියුවෙත් ඒකම අහගෙන..🥺♥️


________++++________

" අප්පච්චී... "

" කියන්න චූටි පුතා.. "

" මට - එයාව - බලන්න...එන්න..බැරිද අප්පච්චී.. "

" ම්ම්ම්.. "

ස‍ඳූගේ අප්පච්චිගෙන් මන් මෙහෙම අහන කීවෙනි පාරද මන් දන්නෑ... ඒත් අප්පච්චිට කෝල් ගන්න හැම සැරේකම මන් ඒක ඇහුවා... මට කොච්චර රිදුනත්.. මාව කොච්චර පිච්චුනත්... මන් ඒක ඇහුවා.. මගේ සඳූ මැණික... සඳූගෙ අප්පච්චිගෙන් උත්තරයක් නැතිවෙද්දි.. මන් හුස්මක් පහත දැම්මා... අයිතියක් නැද්ද මට උබව දකින්න.. ආයෙත් උබේ සුවඳ පපුවේ මූන හංගන්න අයිතියක් නැද්ද සඳැස්.. අප්පච්චි ගේ පුතා මාව ඇත්තටම අමතක කරලද ?

උදේම ලෑස්ති වෙලා මන් හොස්පිට්ල් එකට ආවා... සඳූ මාව දාලා ගිහින් මාස ගාණක් ගියපු එක.... තත්පර කට්ට වේගෙන් දුවලම ෆයිනල් එස්සෑම් වලින් නැවතිලා... එකම එක දවසක්.. මේ යක් පරාණේ මන් ඉස්සරහට ආවේ නෑ... මිනා රට ගියා.. ඌ ට්‍රේනින් එහෙකට රට ගියා... තව ටික දවසකින් අපේ රිසාල්ට්ස් ආවම ඕශිත් එහෙටම යාවි.. මගේ ළග ඉදපු උන් ඔක්කොම ඈතට යනවා... මන් බලාගෙන හිටියා... මන් ඔහේ.. උන් මගෙන් ඈත් වෙන හැටි බලන් හිටියා... ඒ වෙනුවට නිදි මරාගෙන වෝඩ් එක ඇතුලේ වැඩ කළා.. අන්තිම හුස්ම ඇඳපු හැම මනුස්සයෙක්ම කොහොම හරි බේරගත්තා... දුඹුරු පාට ස්ටෙත් එක.. සයින් පෙන් එක... ඒ දෙක හැරුනම මගේ ගොඩක් දේවල් වෙනස් උනා... රැවුල වවපු නැති මන්.. මූණ පුරාම රැවුල වැවුවා... කොයි වෙලෙත් දාගෙන ඉදපු පෙට්ටි හිනාව... පෙට්ටි තොල් උල් කරලා ඇස් බෝල කරපු හිනාව... සීතල බැල්මකට සීමා උනා.. ඕ.. ලොකූගේ රං මැරුනා... ඌට ආයෙත් පණ ආවේ නැති තරම්.... දැන් උන්නේ.. සදෙව් සත්මිණ ෆර්නෑන්ඩු... නිකන්ම නිකන් ඩොක්ටර් සත්මිණ..

ග්‍රැජුවේශන් එකට පමී අයියා මුලු පවුලම එක්කන් ආවා... ගේ ඇතුළේ ඉදිකට්ටක්වත් වට්ටන්නැතුව මුලු රෑම ප්ලාස්ක් එක කිරි කෝපි වලින් පුරවලා චොකලට් බිස්කට් ගෙනත් තියපු අම්මයි.. රං මහත්තයට වගේම සුදු පුතාටත් පණ වගේ ආදරේ කරපු අත්තම්මයි...


The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚‍♂️) KookV🌟Where stories live. Discover now