1 3 0

537 103 146
                                    

" ලොකූ.. "

" මට ඒ අහිංසකයගේ ජීවිතේට ඇඟිලි ගහන්න ඕන්නෑ අම්මේ.. "

සෝෆා එකේ කොනක වාඩි උනු සහෙලි කියද්දි ලොකු අම්මා ඇස් වල කඳුලු පුරෝගත්තා.. තනියම හැදුනු උන් දෙන්නගේ මුරණ්ඩු කම් දරාගන්න එයාටත් අමාරුයි.. නික්ලේශ් ඇවිත් ගිහින් දැන් විනාඩි ගාණක්.. ඒ පොඩි කොල්ලා කියපු වචනවල වැරැද්දක් එයාගේ වැඩිහිටි හිතට නොදැනුනු තරම්.. ඒත් එයාගේ අධිකරණයේ ලොකූට තිබුනේ සාක්ශිරහිත පැමිනිල්ලක්.. ඒකත් එයාගේ අහිංසකයෝ දෙන්නෙක්ට විරුද්ධව..


" රං.. පොඩි දරුවෙක් නෙවෙයි.. පේරන්ට්ස්ලා උනත් එයාලට තේරෙන කාලෙදි එයාලා ගන්න ඩිසිශන්ස් වලට අග්‍රී වෙනවා.. අපි උනත් ඇඩ්වයිස් දෙන්නේ එහෙමයි..අතේ ඇඟිලි පහම එක වගේ නෑ ලොකූ.. ඔයා එයාව හිර කරනවා.."



" අද එයාලා සතුටින් ඉදියි අම්මා.. තව  අවුරුදු ගාණකින්.. මොකක්ම හරි නිසා එයාලට ඒක ප්‍රශ්නයක් උනොත්.. මගේ රං මන් හදාපු සතෙක් නෙවෙයි අම්මා.. ඒ මගේ පොඩි එකා.. මන් එයාට ඉඩ දෙන්න ඕන.. මන් ආටිකල්ස් ගොඩක් රිෆර් කරා.. හෝමේසෙක්ශුවල් වෙන්න රීසන් එකක් හොයාගෙන නෑ තමයි.. අම්මා කොහොමද එයාලගේ ෆියුචර් එක හදන්නේ..

පොඩි කාලේ ඉදන් බලාගෙන.. එයාව නිකන් අතාරින්න මට බෑ..

පිරිමි දෙන්නෙක් ? නෑ අම්මා..

මැරුනු අම්මයි අප්පච්චියි මට ශාප කරයි "



ලොකූගේ වචන ඇහුනු ගමන්ම වාඩි වෙලා උන්නු ලොකු අම්මා එතනින් වේගෙන් නැගිට්ටා... නිවුනු පෙනුමක් තිබුනු එයාගේ ඇස් තරහෙන් පුපුරු ගහන්න ගත්තා...


" නොපෙනෙන ෆියුචර් එකක් නිසා මගේ පොඩි එකාගේ වර්ථමානේ සම්පූර්නෙන්ම නැති කරා..

ඉතුරු ටිකටත් ඒකමද කරන්න හදන්නේ සහේලී..!!!

පොඩි කාලේ ඉදන් හැදුවා හැදුවා කියලා ඔයා කියුවට, රං ඔයාට වඩා අවුරුදු කීය ද බාල..! ලොකූ.. ඔයාලගේ අප්පච්චි නිසා මන් ගාල්ලට ගියා මිසක්.. ඔයාට මතක ඇති.. අම්මා නැති වෙලා අර කිරි සප්පයාව දෝතට ගත්තේ මන්.. එදා ඉදන් බහ තෝරලා පුංචි කකුල් පණ ගහලා ඇවිදිනකම්.. මම රං ළග හිටියා ලොකූ.. ඒ කොල්ලා මුලින්ම ඇවිද්දේ මගේ ඇඟිලි අල්ලන්.. ඔයා බලාගත්තේ මන් පරිස්සමෙන් හදපු රං මිසක්.. ඔයා අඹපු කැටයමක් නෙවෙයි කියලා හොදට මතක තියාගන්න..

The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚‍♂️) KookV🌟Where stories live. Discover now