පලවෙනි හෝරාව

1.4K 99 20
                                    


විසිල් හඩත් එක්ක පාරවල් තුනකට බෙදිලා ගිය පොලිසියේ අඩි සද්ද හිමින් හිමින් මැකිලා යද්දි මන් කණ්ඩායම එක්ක පාරේ ඉස්සරහට දිවුවේ කොයි වෙලේ තුවක්කුව පත්තු කරන්න වෙයිද කියලා හිත හිත.... ඒත් විනාඩියක් යන්න කලින් මහ රෑ තිබ්බ නිහඩකමත් බිදගෙන ඇහුන තුවක්කු සද්දෙත් කෑගැහිල්ලකුත් එක්ක ඒ පැත්තට දිවුවත් මං පරක්කු වැඩී කියාලා තේරුනේ මිස්ටර් සූරියආරච්චි උරහිසත් අල්ලගෙන බිම ඉන්නවා දැක්කාමයි.....

" සර් සර් ..... උපුල්..... ෆලෝ කරහන් අරූව..... මතක තියා ගනින් පනපිටින් හරි නැතුව හරි මට අද ඌව ඕනේමයි ... "

කෙදිරිගාන සර්ව හිමීට නැගිට්ටව ගෙන වාහනේට දාගත්තේ මිනීමරුවව මගේ අතින්ම මරන්න ලොකු උවමනාවක් තිබ්බත් ඊට වඩා සර්ගේ ජීවිතේ වටින නිසා.... පාන්දර පාලුවට ගිහින් තිබ්බ පාරේ උපරිම වේගයෙන් වාහනේ පදවගෙන ඉස්පිරිතාලෙන් නැවත්තුවේ අනික් සීට් එකේ උරහිසත් අතින් තද කරගෙන ඉන්න සර් දිහා බලන ගමන්..... සැරෙන් සැරේ ඔලුවට එන තරහා එක්ක steering wheel එක මිරිකගත්තේ මොනා වුනත් මේ වෙලාවේ සර්ගෙන් එහාට අවදානේ දෙන එක කරන්න බැරි දෙයක් නිසා..... ඒ එක්කම අනික් අතට දැනුනු සීතලත් එක්ක මිස්ටර් සූරියආරච්චිගේ පැත්ත බැලුවේ එයාගේ එක අතක් මගේ කකුල උඩින් තියාගෙන මන් දිහා බලාගෙන ඉන්නවා කියලා දැනුන නිසයි.....

" අභිමන්.... කේන්තිය පාලනේ කරගන්න.... මට ලොකු අමාරුවක් නෑ..... අපි ඉක්මනට ඌව අල්ලගම්මු "

සර්ගේ වචනත් එක්ක ආයේ ටිකක් සන්සුන් උනත් ඉස්පිරිතාලෙ දොර ලගින් වාහනේ නැවැත්තුව ගමන් රෝද පුටුවක් වත් ලගට ගේන්නේ නැතුව කයිය ගහගෙන ඉන්න රෝහල් සේවකයෝ දැක්කාම ආයෙත් ලේ රත් වීගෙන කෑගැහුවේ මමම දුවලා එතන තිබ්බ ට්‍රොලියක් තල්ලු කරගෙන ඇවිල්ලා සර්ව ඒක උඩින් හාන්සි කරන ගමන්......

" ඉස්පිරිතාලෙට පන අදින ලෙඩෙක් එද්දි මුඩුක්කු ගෑනු වගේ කියෝ කියෝ ඉන්නවටද උබලට සල්ලි ගෙවන්නේ ආහ් .... මෙච්චර රෑ වෙලාවක් අවේලාවක් නොබලා උබලගේ පරිස්සමට අපි වැඩ කරද්දි උබලා රටේ ලෝකේ මගුල් මෙතන ඉදන් හදන්න යනවා.... රටක් හදන්න කලින් උබලා හැදිලා ඉදපන්....."

AZRAEL   (  Angel of Death  )   complete Where stories live. Discover now