" සර්.... සර් මේ... මේ රශ්මික.... එතකොට මේ මාලේ..... ඒක... ඒක මන් කලින් දැකලා තියෙනවා සර්... "
" මොකක්... උදුල කොහොමද රශ්මිකව දන්නේ..... "
" ඉන්න සර්.... මේ වීඩියෝ එක බලන්නකෝ.... "
" මේක ...... ඔයාට කොහොමද මේ වීඩියෝ එක හම්බුනේ..... "
" ඕක මමයි සර් වීඩියෝ කරන්නේ ... සර් කලින් මෙතන තිබ්බ කොලේ තියෙන ෆොටො එක දැක්කම මට මතක් උනේ සර්... ඒ දෙන්නම එදා හම්බුනා .... "
" ඒ කියන්නේ ඒ දෙන්නා අදුරනවද...... මට සම්පූර්ණ විස්තරේ කියන්න උදුල..... "
" දැන් සති දෙකකට කලින් මමයි යසිතුයි අපේ යාලුවෙක්ගේ පාර්ටි එකකට ගියා ... එතන ටිකක් වෙලා යද්දී කම්මැලි උන නිසා යසියා ගේම් එකක් ප්ලේ කරන්න ගත්තා..... එවෙලේ තමා ඔය රශ්මික කියන කෙනා හම්බුනේ සර් ... එයා අපිව පහු කරගෙන යන්න යද්දිම ගේම් එක දැකලා ලගට ආවේ අහ් ඔයාලත් ප්ලේ කරනවද අහගෙන...... එවෙලේ තමා මන් ඔය වීඩියෝ එක ගත්තෙ.... "
" එතකොට මාලේ දන්නේ ????? "
" ඔය මාලේ තියෙන සලකුන සර්..... ඒක.... ඒක යසියා ප්ලේ කරපු ගේම් එකේ අයිකන් එක වගේ..... මන් ලාවට දැකලා තියෙනවා සර් "
ම්ම්ම්...... ඒ කියන්නේ...... මේ සලකුණ ගේම් එක්කට සම්බන්දද.... මගේ ඔලුව ඇතුලේ එක එක දේවල් වැඩ කරද්දි ඒවා ගැන පස්සේ හිතනවා කියලා හිතන් ආයෙත් උදුලගේ පැත්තට හැරුනේ උදුලගෙන් පුලුවන් විස්තර ඔක්කොම අර ගන්න හිතාගෙන....
" හ්ම්ම්ම්..... එතකොට මේ වෙද්දි මේ දෙන්නම මරලා.... "
" තව දෙයක් සර්.... මට යසිත් ඔය ගේම් එක ගැන කියලා තිබ්බා කලින්..... එයා කියන විදියට කලින් හිටපු හුගක් අය මේ වෙද්දී ඕකෙ නෑ සර් ... "
" ඒ කියන්නේ .... "
" හිටපු හුගක් අය ගේම් එකෙන් අයින් කරලා තිබ්බාලු සර්.... එයාලා මාස ගානක් එකට ප්ලේ කරාට එයාලා කවුරුත් එයාලාව අදුරන් නෑලු.... මොකද ඒකේ ඔක්කොම ෆේක් ඩීටේල්ස් දාන්නේ... ඒත් මේ ටිකේම එක එක්කෙනා මැරෙද්දි යසියා ටිකක් බය වෙලා ඉදියේ සර්.... "
" හේතුව .... "
" මන් කොච්චර ඇහුවත් එයා කිවුවේ නෑ සර්.... කිවුව එකම දේ ඒ මර්ඩර්ස් වල ක්රම එයාට හුරුයි කියන එක විතරයි.... "
YOU ARE READING
AZRAEL ( Angel of Death ) complete
Mystère / Thrillerමාස තුනක්..... හරියටම මාස තුනක් තිස්සේ එක දිගට වෙන මිනීමැරුම්..... එක්කට එකක් වෙනස් මේ මිනීමැරුම් වල අරමුණ මොකක්ද???? අමාරුවෙන් උන්ගෙන් එකෙක් අල්ල ගත්තත් උගෙන් පිටවුනේ... " දාම ඝාතකයාගේ රසික සමාජයේ " කියලා.... රසික සමාජේ ????? එතකොට කව්ද මේකේ...