විනාඩි දහයකට ලග වෙලාවක් මන් හිටියේ ඩොක්ටර් ප්‍රතාපසිංහගේ කාමරේ , ජේඩන් ගැන විස්තරයක් දෙන්න කතා කලත් කාමරේට ආපු ගමන් ආයෙත් එලියට ගියේ එතනම ඉන්න කියලා .. ටිකෙන් ටික වෙලාව යද්දී මන් කාමරේ වටේ ඇවිදින්න ගත්තේ පැත්තක තිබුනු ෆොටෝස් දිහා බලන ගමන් ... එතනින් හුගක් ඒවගේ තිබුනේ තේනුල්‍ය , ජේඩන් එක්ක ප්‍රතාපසිංහ ගත්තු ෆොටෝස් , ඒ කියන්නේ ........
" ඔව් මිස්ටර් අභිමන් , අපි එකම කොලේජ් ඉදලා මේ තැනට ආවේ එකටමයි , ජේඩන් නම් තේනුල්‍යගේ හොදම යාලුවා හැබැයි මන් එකතු උනේ අන්තිමට වගේ .. ඒත් අද වෙද්දී මන් විතරක් ඉතුරු වෙන්න ජේඩන් මේ ලෝකේ නැති වෙද්දී ..... තේනූ ඉස්පිරිතාලෙන් අයින්ම වෙලා ..."
" තේනුල්‍ය අයින් උනා .... ? "
" ඔව් මිස්ටර් අභිමන් , එයා HR එකට දැනුම්දීමක් කරලා ... ඒත් එදා මන් දැක්ක දේ , එදා මන් ඒක ජේඩන්ට නොකිවුවා නම් එයා තාමත් ඉන්නවා ... මන් හිතුවේ මන් කලේ හොදම දේ කියලා ඒත් ... මන් තේනුල්‍යට කියන්න ගියත් එවෙලේ හම්බුනේ ජේඩන් .. ඒකයි මන් එයාට කිවුවේ "
" මොකක්ද ඩොක්ටර් උනේ ... මොකක්ද ජේඩන්ට කිවුවේ ..... "
" මෙතන කතා කරන්න අමාරුයි මිස්ටර් අභිමන් .. ජේඩන්ට උන දේ එක්ක මන් ඒ ගැන කතා කරන්නවත් අකමැති ඒත් මට ජේඩන්ගෙන් සමාව ගන්න පුළුවන් එකම විදිය ඒක ... මිස්ටර් අභිමන් ..... මේ චිප් එක , මේකේ ඇතුලේ ඔයාට ඕන ප්‍රදාන කරුනක් තියෙනවා .. මන් හිතන්නේ මේක ඔයාට ඌව අල්ලගන්න ලොකු උදවුවක් වෙයි .. එච්චරයි මට කියන්න පුළුවන් .. ඔයා ඕක තනියම බලනවා නම් හොඳයි මිස්ටර් අභිමන් ...... මන් යන්නම් ... "
ඩොක්ටර් එහෙම්මම නැගිටලා ගියේ අතේ තිබුනු පොඩි චිප් එකක් දපු කවරයක් මට දෙන ගමන් .. ස්ටේශන් එකට යනකන් ඉවසන්න බැරි නිසා මන් කාර් එකට ඉක්මන් කරලා ගියේ ඒක බලන්න .. කාර් එකට නැගලා වටේ තියෙන ජනෙල් ඔක්කොම එලියට නොපෙනෙන්න හදලා මන් චිප් එක ෆොන් එකට දාන්න හැදුවත් එකපාරටම ෆෝන් එකට කෝල් එකක් ආවේ සූරියආරච්චි සර්ගෙන් ...
" සර් .... "
" අභිමන් , ඉක්මනට අර කෙල්ලගේ ගෙවල් ලගට යන්න ... විද්වාන්ලට කැලේ ඇතුලින් කෙල්ලගේ නම ගහපු ඉස්කොලේ ID එකක් හම්බෙලා .. මන් අනික් ටීම් එකේ අයව එතනට යැවුවා දැනටම , පුළුවන් දෙයක් කරලා කෙල්ලව බේරගන්න බලමු අභිමන් .. "
YOU ARE READING
AZRAEL ( Angel of Death ) complete
Misteri / Thrillerමාස තුනක්..... හරියටම මාස තුනක් තිස්සේ එක දිගට වෙන මිනීමැරුම්..... එක්කට එකක් වෙනස් මේ මිනීමැරුම් වල අරමුණ මොකක්ද???? අමාරුවෙන් උන්ගෙන් එකෙක් අල්ල ගත්තත් උගෙන් පිටවුනේ... " දාම ඝාතකයාගේ රසික සමාජයේ " කියලා.... රසික සමාජේ ????? එතකොට කව්ද මේකේ...