පොඩි බෝනස් චැප් එකක් ලමයි .....
*****************************************
තේනුල්ය POV
පල්ලෙහා තට්ටුවේ අම්මට බෙහෙත් කරලා එහෙන්ම ජේඩන්ට මැසේජ් එකක් දාලා යන්නම් කියලා බැලුවත් ෆෝන් එක අතට ගත්ත ගමන් දැක්ක දෙයින් හිතට අමුත්තක් දැනුනා.....
ජේඩන් මොකද මෙච්චර කෝල් අරන්.... මිස් කෝල්ස් ගොඩ දැකලා ජේඩන් හොයන් මගක් දුර යද්දි අර අම්මට බෙහෙත් වගයක් මගේ කාර් එකේ තියෙනවා කියලා මතක් උනැයින් මන් ආය පල්ලෙහට දිව්වා..... ඒත් එක්කම දුවන් ආපු කව්ද මනුස්සයෙක් මගේ ඇගේ හැප්පෙද්දි වැටෙන්න ගිය මන් බොහොම අමාරුවෙන් නොවැටී බේරුනා.... ඒත් ඒ ටික වෙලාවකට..... ඔලුව උස්සන්නත් කලින් හැප්පුන මනුස්සයා මාව කොලර් එකෙන්ම ඇදලා බිමට තල්ලු කරයින් මන් එහෙම්ම පඩිපෙලෙන් වැටුනා.....
" උබ ... මන් උබ ගැන බලාගන්නම් .... බලාගෙන ඉදපන් බේරෙන්න පුළුවන්ද කියලා මේ පාර... "
ඒ.... ඒ අභී...... ඒත් ඇයි මේ.....
මගේ වචන එලියට එන්නත් කලින්ම අභී මාව තල්ලු කරලා උඩට දිව්වා.... ඒත් එක්කම එතනට ආපු විද්වානුත් උනේ මොකක්ද වගේ ප්රශ්නෙකින් මන් දිහා බලන් ඉදලා උඩට දුවන්න ගත්තයින් මාත් ඒ පස්සෙන්ම උඩට දිව්වා.....ඒත්..... ඒත්..... නෑ ඒක වෙන්න බෑ..... අනේ මගේ ජේඩන්...... ජේ...ජේඩන්ගේ ඇගෙන් ලේ එකයි.... ඇදන් හිටිය ඇදුම රතුම රතු පාට වෙලා....... කෑ ගහලා ජේඩන් ලගට ගිහින් බදා ගන්න ඕනි උනත් දැක්ක දේත් එක්ක මගේ කටින් වචන එලියට ආවේ නෑ..... එතනම තිබ්බ බිත්තියට හේත්තු උන මන් විනාඩි 10ක් විතර ඔහේ බලන් ඉන්න ඇති..... වචන පිට නොවුනට ඇස් වලට නිවනක් තිබ්බේ නෑ.... පපුවේ පැත්තකින් ආපු වේදනාව නිසාම එක අතකින් පපුව තද කරන් මන් ජේඩන් ලගට යන්න ගියා.....
ඒත් මට යන්න උන් නෑ..... විද්වාන්ගේ මිටි මොලවපු අතක් මගේ මූණ හරහා ගියා..... එක පාරක් නෙවෙයි... දෙතුන් පාරක්ම මට වැදුනා.....
" ඇයි යකෝ තෝ මගේ අහිංසකයාව මැරුවේ "
අවසිහියෙන් වගේ හිටියත් මට විද්වාන් කියපු එක ඇහුනා..... ඒත් එක්කම ආපු අභී විද්වාන්ව අල්ලන් මාව පොලිසියට අරන් යන්න කියද්දි මට ඕනි උනා අභීට කතා කරන්න..... ඒත් එයාට උවමනාවක් තිබ්බේ නෑ.....
YOU ARE READING
AZRAEL ( Angel of Death ) complete
Mystery / Thrillerමාස තුනක්..... හරියටම මාස තුනක් තිස්සේ එක දිගට වෙන මිනීමැරුම්..... එක්කට එකක් වෙනස් මේ මිනීමැරුම් වල අරමුණ මොකක්ද???? අමාරුවෙන් උන්ගෙන් එකෙක් අල්ල ගත්තත් උගෙන් පිටවුනේ... " දාම ඝාතකයාගේ රසික සමාජයේ " කියලා.... රසික සමාජේ ????? එතකොට කව්ද මේකේ...