මුළු රෑම ඇගට තුරුල් වෙලා හිටිය තේනුට එහෙම්මම නින්ද යද්දි මටත් නින්ද ගියේ බැල්කනියෙන් වැස්සත් එක්ක එන හුලගේ සනීපෙට ... එකපාරටම පහලෙන් ඇහුන සද්දයක් එක්ක මන් ගැස්සිලා නැගිටුනෙන් අත් දෙකේ හිරි යවන ගමන් ඇද අත ගෑවේ තේනුල්යව ඇදලා ගන්න ... ඒ වුනත් අතට අහු වෙන මානෙක් නැති නිසා හිමින් ඇස් දෙක ඇරියත් තේනු ඇද උඩ නැති වෙද්දී මන් බිත්තියේ එල්ලලා තියෙන ඔරලෝසුව දිහා බැලුවේ ඇස් දෙකත් පොඩි කරන ගමන් ....
" තාම 6 යි නේහ් ..... ආහ් ...... "
ඇදේ ඉදලාම අතේ පයේ හිරියවාගෙන ෆෝන් එක අතට ගත්තත් ඒක ඕෆ් කරලා තියෙද්දී ෆෝන් එක ඔන් වෙන්න දාලා මන් පහලට ගියේ තේනුල්ය හොයන්න ... බාතෲම් එක පැත්තෙන් ලාවට ලයිට් එලියක් එද්දී මන් හිමීට ගියේ මේ උදේ පාන්දර නටන නාඩගම මොකක්ද කියලා බලන්න ... පහලට යද්දිම බාතෲම් එකේ දොර ඇරගෙන තේනුල්ය එලියට ආවේ එක අතක තියෙන තුවායකින් ඔලුව පිහදාන ගමන් , ඒ යන අතරමග තිබුනු ටේබල් එහෙක තිබුනු ෆෝන් එක ගත්ත තේනුල්ය ඒක ඔන් කලේ බිත්තියේ තියෙන ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් ...
කිරිගරුඬ පාටට තිබ්බ එයාගෙ ඇගේ තැනින්
තැන රතු පාටට තියපු ලකුනු ටිකක් තදට පේද්දී පිටේ තැනින් තැන රතු පාටට හීරුනු පාරවල් ටිකක් ඉදිමෙන්න අරගෙන තිබ්බේ වතුරත් එක්ක එකතු වෙද්දී .... එයා තාමත් මන් පහලට ආවා කියන එක දැක්කේ නැතිනිසා මන් හිමීට ගිහින් තේනුව පිටිපස්සෙන් බදාගත්තේ එයා ගැස්සිලා මන් දිහා බලද්දී ...." අභී ....... ඔයා නැගිට්ටද ... "
" ම්ම්ම් ඇයි මෙච්චර උදෙන් පහලට ආවේ ... තාම හයයි නේ ... "
" අහ්හ් .. මන් නැගිටින්නේ මේ වෙලාවට නේ අභී කොහොමත් ... අනික ඔයා ඇහැරෙයි කියලා මන් පහල බාතෲම් එකෙන් වොශ් දැම්මේ .. එත් ඉතින් මගේ අත වැදිලා ශවර් එක හැප්පුනානේ බිත්තියේ ... මන් හිතුවා හැබැයි ඔයා නැගිටී කියලා සද්දෙට ... සොරී ... "
තේනු අතේ තිබුනි ෆොන් එක ටේබල් එක උඩින් තියලා මගේ පැත්තට හැරුනේ මගේ ඉනවටේ අත් දෙකත් යවාගෙන ඔහේ කියවන ගමන් ... ඊයේ රෑ කදුලු පිරුනු ඈස් තාමත් රතු වෙලා ඉදිමිලා ... හිමීට ඇස් වලට පාත්වෙලා මන් ඇස් දෙකට ලාවට සිපුමක් තිබ්බේ එතැනින් නවතින්නේ නැතුව මන් ආයෙත් හිමීට එයාගෙ තොල් දෙක සිපගත්තා ... ටික වෙලාවක් යද්දි තේනුත් උඩට ඉස්සුනේ ටිකෙන් ටික අත් දෙක මගේ බෙල්ල වටේ යවන ගමන් .... විනාඩි පහක් දහයක් අපි අපේ ලෝකේ ඔහේ කරක්ගහද්දී මෙච්චර වෙලාවක් සැරෙන් සැරේ ඇහුන ෆෝන් එකේ නොටිෆිකේශන් සවුන්ඩ් එක නවතින්නෙම නැති නිසා මන් තේනුව ටිකක් ඈත් කලේ එයාගේ ෆෝන් එක ගන්න ...
YOU ARE READING
AZRAEL ( Angel of Death ) complete
Mystery / Thrillerමාස තුනක්..... හරියටම මාස තුනක් තිස්සේ එක දිගට වෙන මිනීමැරුම්..... එක්කට එකක් වෙනස් මේ මිනීමැරුම් වල අරමුණ මොකක්ද???? අමාරුවෙන් උන්ගෙන් එකෙක් අල්ල ගත්තත් උගෙන් පිටවුනේ... " දාම ඝාතකයාගේ රසික සමාජයේ " කියලා.... රසික සමාජේ ????? එතකොට කව්ද මේකේ...