හත්වෙනි හෝරාව

309 57 9
                                    

ටිකවෙලාවකින් ක්වාටස් වල හිටිය පොලිස් නිලදාරීන් එතනට එකතු උනේ මන් සූරියආරච්චි සර්ට වගේම විද්වාන්ටත් කෝල් කරලා මෙතනට එන්න කියන ගමන් ... තාමත් පාන්දර 4 ට කිට්ටු කරලා තිබුනු නිසා පොලිසිය ඇරෙන්න බාහිර කිසිම කෙනෙක් මෙතනට ඇවිල්ලා හිටියේ නෑ ... අනික් අය එනකන් බොඩිය ලගට ගිහින් තව ටිකක් සෝදිසි කලේ පුළුවන් පුළුවන් හැම තැනක්ම ඉක්මනට ෆොටෝස් වලට ගද්දි .... දකුනු අතේ වැලමිටෙන් උඩ කොටස ටැංකියෙන් එලියට වැටෙන්න ගැට ගහලා තිබුනේ ඒක ඇරෙන්න අනික් හැම කොටසක්ම ඇස්ඩ් ටැංකියෙ යටට ගිහින් තියෙද්දි .... 

තවත් ටික වෙලාවක් මෙහෙම තිබුනොත් කිසිම සාක්ශියක් හම්බවෙන්නේ නැතුවම මිනිය දියවෙලා යන නිසාම එතන හිටිය සහයක නිලදාරීන් කිහිපදෙනෙක් එක්ක වීදුරු බටයක් අරගෙන ටැංකිය ඇතුලේ තිබුනු ඇසිඩ් වතුර වෙනම ටැංකියකට දාද්දි සූරියආරච්චි සර් එක්කම විද්වාන් ආවා .... හිස් වුන ටැංකියේ ඒ වෙද්දිත් හිටියේ මුළු ඇගේම හම ගිහින් තැනින් තැන මස් වැදලි පැනලා තිබුනු ගෑනු කෙනෙක් ... ඔව් කලින් තිබුනු තරුන පෙනුම එන්න එන්නම පිච්චිලා ඉතුරු උනේ එයා ගැනු කෙනෙක් කියලා පේන්න තිබුනු සාක්ශි විතරයි ..... ඒ එක්කම මිස්ටර් සූරියආරච්චි ලගට ආවයින් මන් සර්ගේ පැත්ත හැරුනේ විද්වාන් මට මගඇරුනයි කියලා හිතන තැන් කැප්චර් කරගනිද්දි ..

" සර් ... "

" ම්ම්ම්ම් ..... මූ අපිට කලින් ඉක්මන් වෙනවා අභිමන් ... අපිට විසදන්න යන කාලේ ඇතුලත මූ පුළුවන් තරම් මිනිස්සු මරන්න යන්නේ ....... අපිට ඉක්මන් කරන්න වෙනවා තවත් බලාගෙන ඉන්න බෑ ... බෑ නෙමේ අපිට කාලයක් නෑ .. "

" ඔව් සර් ... අද අනික රාජිව්ලගෙ නයිට් ඩියුටි එක වෙලේ කවුරුහරි evidence room එකට පැනලා .. "

" මොකක් .. ???? මෙච්චර දෙයක් වෙනකන් උන් මැරිලද ඉදලා තියෙන්නේ .... කෝ ඕකුන් ..... "

" නෑ සර්..... මන් කතා කලා එයාලට , තුන් දෙනාම ඇහැරිලා සර් ඉදලා තියෙන්නේ .... නිතේශ් බාතෲම් එකට යද්දී දැකලා තියෙන්නේ ... ඒත් ඌ ඒ වෙද්දිත් පැනලා සර් .. අපි පස්සේ ටීම් හැදිලා සර්ච් කරන්න ගිය අතරේ තමා සර් මේ බොඩි එක මෙතනට දාලා තියෙන්නේ .......... "

AZRAEL   (  Angel of Death  )   complete Where stories live. Discover now