විසිවෙනි හෝරාව

271 50 9
                                    

Bathroom එකෙන් එලියට ආවත් තාමත් ඔලුව කැරකෙන ගතියක් එද්දි මන් කිචන් එකට ගියේ මොනා හරි හදාගන්න..... අත් දෙකත් හෝදගෙන මන් වටපිට බැලුවේ හදන්න මොනා හරි තියෙයිද කියලා.... පේන මානෙක දෙයක් නැති නිසා ටේබල් එකේ තිබ්බ භාජනයක් අරගත්තේ ඒ එක්කම ඒකේ වැදිලා පොඩි පීරිසියක් බිම වැටෙද්දි .... පීරිසිය ගත්තත් ඒකේ පිටිපස්සේ අලවලා තියෙන කොලයක් මගේ අතට ආවෙන් මන් ඒක කියවන්න ගත්තේ කුතුහලේකින් ..

"  සැක කරන්නත් ජීවත් වෙන්න ඕනේ ..  "

තේනු ... එහ් කියන්නේ ඊයේ තේනුද මාව ගෙදර ගෙනාවේ.... යන්තන් හිනාවක් යද්දී මන් ආයේ ටේබල් එක දිහා බැලුවේ පීරිසියෙන් වහලා තිබුනු කෝපි එක දිහා... මන් කෝපි එකත් අරගෙනම ආයේ කාමරේට ගියේ ඊයේ දවසේ මග ඇරුනු වැඩත් එක්ක අද දවසම අදින්න වෙන නිසා .. කාමරේට ගියත් බෝර්ඩ් එක දිහා බලද්දී උදුල ඊයේ ඇවිල්ලා කියපු දේවල් මතක් වෙද්දී මන් පරන සාක්ශි පෙට්ටි ඔක්කොම ඇදලා එකින් එක ෆෝන් මේසේ උඩින් තිබ්බේ එකින් එක ඔන් කරන ගමන් ...

හැම ෆෝන් එකකම ඒ වෙද්දිත් ඒ ඇප් එක තිබුනේ අයින් කරල.... ඒකත් ගේම් එකෙන් අයින් වෙලාම... මේ වෙනකම් උන මර්ඩර් තිස්ගානෙම ෆෝන්ස් වල security එකට ලොග් වෙලා ආයෙත් ඒ ගේම් එක හැම ෆෝන් එකකටම ඇතුල් කලේ ඒ කෙනා ගේම් එකට ලොග් උනු මොබයිල් නම්බර් එක  , නම , විස්තර ඔක්කොම මගේ ලැප් එකට එන විදියට ..... ඒ වුනත් ඒ නම්බර්ස් අදාල කිසිම සිම් එකක් ඒ අදාල ෆෝන්ස් වල තිබ්බේ නෑ ... එකක් , දෙකක් බලද්දී ඒක මට සාමාන්‍ය දෙයක් උනේ අපි පවා ෆෝන්ස් දෙකක් යූස් කරන නිසා , ඒත් ෆෝන්ස් තිස් ගානම ...... ඒ එකකවත් ගේම් එකට ලොග් උන නම්බර් එකට අදාල සිම් එක නැ .... ඒත් ඒ නම්බර්ස් රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඒ කෙනාගේ නමෙන් ...

සිම් වලට මොකද උනේ ..... ඊටත් වඩා ඇයි මැරෙන හැම කෙනාවම ඔටෝම ගේම් එකෙන් අයින් වෙලා තියෙන්නේ .... එක්කෝ එදා සමන් කිවුවා වගේ ඒ මිනිහා මරන හැම එකාවම එවෙලෙම උගේ ෆෝන් එකෙන්ම අයින් කරනවද ... මොකක්ද හේතුව ... ගේම් එකකට පුළුවන්ද මිනිහෙක් මරන්න ..... මර්ඩර්ස් අතරයි මේ ගේම් එක අතරෙයි තියෙන සම්බන්දෙ මොකක්ද .... ඒකත් මාලෙකුත් එක්ක ... ප්‍රසන්ට් එකකුත් එවන්න තරම් .... මන් එහෙම්මම ඔලුව ඔබාගත්තේ අගක් මුලක් පැටලිලා ඉන්න මේ ගේම් එක මොකක්ද කියලා හිතාගන්න බැරිම තැන .....

AZRAEL   (  Angel of Death  )   complete Where stories live. Discover now