සතියක් තිස්සේ මුලු පොලිසියේ හැමෝම හිටියේ කලින් තිබුනු ක්‍රියාශීලි ගතිය කොහෙක ගියාද කියලවත් හොයාගන්න බැරි තරම් නිහඩ වෙලා ... ඊටත් වඩා මට සූරියආරච්චි සර්ට මූන දෙන්න පුළුවන් කමක් නොතිබුනේ මේ වෙද්දිත් සර් , තේනුගෙයි මගෙයි අතරේ තිබුනු සම්බන්දේ ගැන දැන ගත්ත හේතුව නිසාමයි ... ඒ එක්කම ඒ සතිය පුරාවටම එකම මර්ඩර් එකක්වත් නොවෙද්දි අපිට හිතන්න පුළුවන් වුනු එකම දේ ඌ මිනීමරන එක කාලෙකට නැවත්තුවා කියන එක ....
ඒත් කිලර් කෙනෙක් සාමාන්‍යයෙන් කාලයක් නිහඩව ඉන්නවා කියන්නේ කලින්ට වඩා දරුණු අපරාදයක් කරන්න මිනිහා එක්කෝ සැලසුම් කරනවා .... නැත්තන් ඌ ඊට වඩා දෙයක් කරන්න යන්නේ .... තේනුල්‍ය ගිය දවසේ ඉදලා සූරියආරච්චි සර් එයාගේ කාමරේටයි ගෙදරටයි සීමා වෙද්දී විද්වාන්ව මගේ ගෙදරට මන් ගෙන්න ගත්තේ ජේඩන්ගේ ඝාතනයත් එක්ක එයා සෑහෙන්න තනි වෙන්න බලපු නිසා ...
තේනුල්‍ය ගිය දවසෙම ජේඩන්ගේ ෆෝන් එක අරන් චෙක් කලෙන් තේනුල්‍ය බෙහෙත් කරන්න යන වෙලේ ඉදලම ජේඩන්ට යවපු මැසේජ් වගේම බෙහෙත් කරලා ඉවර වෙද්දීත් යවපු මැසේජස් ෆෝන් එක ඔන් කරද්දිම එක දිගට එද්දි මන් මැසේජ්ස් එකින් එක බලන්න ගත්තේ ටිකෙන් ටික ඇස් දෙක තෙත් වෙද්දි ... වෙලාවකට මුලුචැට් එකේම තිබ්බේ මායි විද්වාන් ගැන ... තේනුල්‍ය මර්ඩර් එක වෙන්න කලින් ගත්තු කෝල්ස් වගේම මර්ඩර් එක වෙලා විනඩි කීපයකට පසුවත් ගත්තු කෝල්ස් එක දිගටම කෝල් ලිස්ට් එකෙ තිබ්බා .....
පොලිසියේ තිබුනු වැඩ ඉවර කරලා මන් එහෙම්මම ගෙදරට ගියත් කිසිම ලයිට් එලියක් පේන්නේ නැති තැන ඉක්මනට ගේ ඇතුලට ගියේ විද්වාන් ගෙදර ඉන්නවා කියල කිසිම සලකුණක් නැති උන බයට .... දොර ඇරගෙන ඇතුලට ගියත් කිසිම සද්දයක් නැති කොට මන් විද්වාන්ට කතාකරන ගමන් උඩ තට්ටුවට ගියේ ගේ ඇතුලේ ලයිට් දාන ගමන්... කිසිම සද්දයක් නැතිවෙද්දී මන් ආයෙත් එලියට යන්න ආපිට හැරුනත් කාමරය යටින් එලියට එන එලියක් එක්ක මන් ගිහින් දොර අරිද්දි ඇතුලේ තිබුනු TV එකේ සද්දේ එලියට ඇහෙන්න ගත්ත නිසා මන් ඉක්මනට ඇදේ වාඩි වෙලා ඔහේ ඒ දිහා බලාගෙන ඉන්න විද්වාන්ගේ අතින් රිමෝට් එක අරගෙන සද්දේ අඩු කරේ ඒ ගමන්ම හුරුපුරුදු කටහඩක් එන TV එක දිහා බලන ගමන් ..
YOU ARE READING
AZRAEL ( Angel of Death ) complete
Mystery / Thrillerමාස තුනක්..... හරියටම මාස තුනක් තිස්සේ එක දිගට වෙන මිනීමැරුම්..... එක්කට එකක් වෙනස් මේ මිනීමැරුම් වල අරමුණ මොකක්ද???? අමාරුවෙන් උන්ගෙන් එකෙක් අල්ල ගත්තත් උගෙන් පිටවුනේ... " දාම ඝාතකයාගේ රසික සමාජයේ " කියලා.... රසික සමාජේ ????? එතකොට කව්ද මේකේ...