දොලොස්වෙනි හෝරාව

283 52 13
                                    

" අභිමන් අර ඊයේ මර්ඩර් එකේ රිපෝට්ස් කොහොමද ... ඔයා බැලුවද ?? "

" ඔව් සර්..... ඩොක්ටර් ජේඩන් ගෙනල්ලා දුන්නා...... ඒකේ ලොකුවට අපිට හොයන්න දෙයක් නෑ උනදේවල් දැක්ක නිසා..... ආයේ වෙනම රිපෝට්ස් වගයක් ගෙනාවා සර් ඒක සර්ට දෙන්න කියලා ... "

මිස්ටර් සූරියආරච්චි පුරුදු විදියටම නිතේශ් , උපුල් , විද්වාන් එක්ක ආවේ රාජිව් අසනීප නිවාඩුවක් දාලා කලින් ගිහින් තිබ්බ නිසා.... ජේඩන් දුන්න අනික් රිපෝට්ස් ටික සර් ලගින් තියලා මන් ඉදගද්දිම තේනුල්‍ය , ජේඩන් එක්කම ඇතුලට ආවේ සර් කලින්ම කතා කරලා තිබුන නිසා ....

" අහ්හ්හ්... මේ ටික..... ඔයා හිටියේ නැති සතියේ තව මර්ඩර් එකක් උනා අභිමන්.... ඔයා දන්නවා ඇති කියලා හිතුවේ මන්.... නේ තේනුල්‍ය ... "

" ඔව් තාත්තා....... මන් හිතන්නේ මර්ඩර් එකක් වෙලා කියලා කිවුවකෙනාට එදා කාපු ගුටිය නිසා අමතක වෙලා ඇති .... "

තේනුල්‍ය කටට දැනෙන්නේ නැතුව කියලා දැම්ම දෙයින් මන් ගැස්සුනේ කොහොම දැනගත්තද කියලා හිතන ගමන්.... මුඩුක්කු සංකීර්නේ ලග තිබුනු ෆෝන් බූත් එකෙන් කතා කලත් අදුගත්තේ කොහොමද .........

" ඔච්චර කල්පනා කරලා වැඩක් නෑ අභිමන්..... එදා ඔයාට පොඩී පොයින්ට් එකක් මිස් වෙලා ... ඔයාගේ ෆෝන් බූත් එක ලගම තිබ්බ වාහනේ කැම් එක ඔයාට මිස් වෙලා ..... "

" සර් එතකොට..... කිලර්ව අහු වෙලාද ... "

" නෑ අභිමන්..... එතන බූත් එකේ ඒරියා එක කාර් එක අහු වෙන්න කලින් ඉවරයි... කිලර් ඇවිල්ලා තියෙන්නේ අනික් පාරෙන් ....... හරි අපි ඒ මර්ඩර් එකෙන් පටන් ගම්මු ... අභිමන් ඔයාට ඒකේ මොනවද හම්බුනේ මන් අහන්නේ මරපු විදි ගැන ....... "

" ම්ම්ම් ලොකු දෙයක් නෑ සර්...... ආහ්.. ඒත් මට එදා බාර් එකේදි හම්බුන මනුස්සයෙක් ඒ මර්ඩර් එක කරපු දේවල් ගැන කිවුවා සර්...... පේන විදියට ඇපල් ඇට යූස් කරලා තියෙනවා ... "

" ඇපල් ඇට ????? "

" ඔව් විද්වාන් .. විසත් එක්ක ඇපල් ඇට මික්ස් කරලා ඉන්ජෙක්ට් කලාම ඔහොම වෙනවා කියලා ඒ මනුස්සයා කිවුවේ ..... "

" ඩොක්ටර් ජේඩන් ඔයා මොකද කියන්නේ ඒ ගැන ??? "

" ඔව් මිස්ටර් සූරියආරච්චි..... මට මුලින් හොයාගන්න පුළුවන් උනේ එයාට පොයිසන් ඉන්ජෙක්ට් කලා කියලා විතරයි ... ඒත් මන් දෙවනියට කරපු ටෙස්ට් එකෙන් මට හම්බුනේ ඊට අමතරව එයාට ඇපල් ඇට මික්ස් කරපු දියරයක් පොවලා තියෙනවා.... මොකද ඔය ඇපල් ඇට ක්‍රියාත්මක වෙන්නේ මිනිහෙක්ගේ කෙලත් එක්ක ඒක මික්ස් උනොත්.... "

AZRAEL   (  Angel of Death  )   complete Where stories live. Discover now