දාසයවෙනි හෝරාව

270 50 7
                                    

" අභිමන් ... ඔයා යන්න දැන් ගෙදර ... මන් ඉන්නම් විද්වාන් ලග .. "

ඉස්පිරිතාලෙ ඇද උඩ ඔලුව තියාගෙන කල්පනා කර කර හිටිය මට එහෙම්මම නින්ද ගිහින් ... ජේඩන් ඇවිල්ලා පිටට තට්ටු කරලා කතාකලැයින් එකපාරටම නැගිට්ටත් මට මෙතනින් යන්න හිතක් දුන්නේ නෑ ...

" නෑ ජේඩන් ඔයා යන්න ... මන් අද රෑ විද්වාන් ලග ඉන්නම් ... හෙට උදේට මන් ගෙදර යන්නම් තේනුත් ගෙදර යන්නේ උදේටනේ ...  "

ජේඩන් ටිකක්වෙලා බලාගෙන ඉදලා ආයේත් කාමරෙන් එලියට යද්දී මන් විද්වාන්ගේ අතක් මගේ අත් වලට මැදි කරගත්තේ අතේ ගහලා තිබුනු සේලයින් කටුවට බාධාවක් නොවෙන්න ...

ඊයේ මන් විද්වාන්ට බැනලා එලියට ආවත් මට  බල බල ඉදපු වීඩියෝ එක ඔෆ් කරන්න අමතක වෙද්දී විද්වාන් ඒක බලලා තිබ්බා.... මන් හිතේ තිබුනු හැම තරහක්ම විද්වාගේ පිටෙන් යවලා ඒ ගැන කිසිම දුකක් නැතිව එලියට ආවත් වීඩියෝ එක බලපු සැනින් ඌ මගේ පස්සේ ඇවිල්ලා තිබ්බේ මාව බේරගන්න .. ඔව් , හිතුවා වගේම ඌ මාව බේරගත්තා .. මට පිටිපස්සෙන් ඉදිය මනුස්සයෙක් තිබ්බ වෙඩි පාරකට මාව තල්ලු කරලා විද්වාන් තුවාල කරගත්තා ...

ලේ ගලන උරහිස අල්ලගෙන විද්වා බිම වැටෙද්දී .. මට ,  මන්  ඌට කලින් බැන්න හැම වචනයක්ම ඔලුව ඇතුලේ දෝන්කාර දෙන්න ගත්තා ...... කරන්න කිසිම දෙයක් ඔලුවට එන්නේ නැති වෙද්දී මන් කරපු එකම දේ විද්වාන්ව අමාරුවෙන් කරට අරගෙන පහලට දිවුව එක .... ඒ වෙද්දිත් බාර් එකේ හිටිය මගෙන් කලින් මිනීමරුවා කියලා අහගත්ත වයසක මිනිහා මට කලින් ගිහින් මගේ කාර් එක ස්ටාර්ට් කරගෙනපාරට ගත්තේ මන් විද්වාන්ව කාර් එකට දාගෙන එකදිගටම එයාට කතා කරද්දී ....

අමාරුවෙන් ලේ ගලන අතත් අල්ලගෙන සැරෙන් සැරේ ඇස් පියවෙන විද්වාන්ට මන් දිගින් දිගටම කතා කලේ මූනට තට්ටු කරන ගමන් .. කොච්චර හයියෙන් වාහනේ ගෙනිච්චත්  මන් එකතැන කැරකෙනවා වගේ දැනෙද්දී ඒ  මනුස්සයට පවා මන් කෑගහලා බැන්නේ විද්වාන් අනික් අතෙන් මගේ අත තදකරලා අල්ලගනිද්දී ...

විද්වා උගේ පපුව උඩ මගේ අතක් තද කරගෙන මන් දිහා යාන්තන් හිනාවෙලා බැලුවත් මන් එකදිගට කලේ හොස්පිටල් එකට කතා කරන එක .. වාහනේ ඉස්පිරිතාලෙ ලගින් නවත්වද්දිත් ඩොක්ටර්ස්ලා ට්‍රොලියක් අරගෙන ලෑස්ති වෙලා ඉදියත් මන් විද්වාන්ව උඩින් තියපු ගමන් ඩොක්ටර්ස්ලාවත් තල්ලු කරගෙන ඉස්සරහට දුවගෙන අරගෙන ගියේ ICU එක ඉස්සරහට ..

AZRAEL   (  Angel of Death  )   complete Where stories live. Discover now