හතරවෙනි හෝරාව

339 59 3
                                    

" ඩොක්ටර් තේනුල්‍ය...... තමුන් මෙතන මොකක්ද කරන්නෙ කියලා පැහැදිලි කරන්න පුලුවන්ද...... මේක හිතෙන හිතෙන වෙලාවට එන්න යන්න පුළුවන් තැනක් නෙමේ..... ඔයා ඔයාගේ ඉස්පිරිතාලෙ වැඩ ගෙනියන්නෙ එහෙම වෙන්න ඇති ඒත් මෙතන ඒ නාඩගම් නටන්න බෑ..... "

" මිස්ටර් අභිමන්.... තමුන් මට ඇගිල්ල දික් කරන්නේ මන් මොකක්ද කලේ කියලා දැනගෙනද අහ්.... හහ්.... නාඩගම් මඩුවක් .... ඔව් මෙතන එහෙම උන් තමා ඉන්නෙ...... මාස ගානක් වෙන මිනීමැරුම් හොයා ගන්න බැරි කෝලම්කාරයෝ ඉන්න නාඩගමක් තමා මේකත්...... "

තේනුල්‍ය ඇතුලේ ඉන්නවා දැක්කාම ආපු තරහා මගේ කටෙන් පිටවුනේ පිස්ටල් එක පහලට දාගන්න ගමන්...... ඒත් එක්කම මටත් වඩා සද්දෙන් කතා කරපු තේනුල්‍ය අන්තිමට හිනා වුනේ මහ හයියෙන්...... තමන්ගේ තාත්තාත් වැඩ කරන පොලිසිය ගැන නේද මෙහෙම කතා කරන්නේ කියලා අහන්න කට ඇරියත් ඒ වෙද්දි දෙන්නගෙම කටෙන් පිටවුන වචන සැර වැඩී කියලා තේරුනේ මිස්ටර් සූරියආරච්චි කැබින් එකට ඇවිල්ලා කතා කරද්දි....

" අභිමන්.... තේනුල්‍ය..... මොකද මේ කෑ ගහන්නේ අහ්..... පොඩි උන්ද..... අනික තේනුල්‍ය ඔයාට මන් ගෙදර යන්න කියද්දීත් ඔයා මෙතන ඉන්නම් කිවුවේ රිපෝට්ස් වගයක් හදන්න ඕනේ කියලා..... මේවද ඔයාගේ රිපෝට්ස්... කියනවා............ "

මිස්ටර් සූරියආරච්චි බයිද්දි බිම බලාගෙන හිටිය තේනුල්‍ය ගැන දුක හිතුනේ මන් එයා කලේ මොකක්ද කියලා අහන්නේ නැතුව බැන්න එකට .... ඒත් එයාටත් කටක් තිබ්බ නේ කියන්න .. ඕනේ කෙහෙල්මලක් වෙච්චදෙන් කියලා මන් හිතේ තියෙන සැකේ පිටට පෙන්නන්නේ නැතුව ආයේ කට ඇරියේ තව ටිකක් බැන්නොත් තේනුල්‍ය මෙතනම අඩයි කියලා හිතෙද්දි ..

" සර් .... ඇත්තටම මමයි ඩොක්ටර් තේනුල්‍යට කෑ ගැහුවේ..... මන් හිතුවේ සර්ගේ ලැප් එක මෙයා ගාව තියෙන්නේ කියලා ..... සොරි සර්...... එයා මුකුත් කිවුවෙත් නෑ සර්..... එහෙම කිවුවා නම් .... "

" ඇයි කිවුවා නම් කියපු වචන ගිල ගන්නද.... තමුසේ මන් මුකුත් කිවුවේ නෑ කියන්නේ මට මුකුත් කියන්න ඉඩ දුන්නද..... නෑ නේ .... මගේ ඉස්පිරිතාලෙ නාඩගම් මඩුවක්ලු..... ඇයි ඔයා ....... ඉතින් තාත්තා ....... මෙයානේ පටන් ගත්තේ..... හ්ම්ම්ම් "

AZRAEL   (  Angel of Death  )   complete Where stories live. Discover now