නමවෙනි හෝරාව

304 58 6
                                    


 මන්  කාමරේ තිබුනු බඩු ටිකත් පෙට්ටියකට දාගෙන්න ගමන් කාමරේ වටේම බැලුවේ හුස්මක් පහල දාන ගමන් .... අවුරුදු හයක් පුරාම මට මගේ ගෙදර කියලා දැනුනු තැන ..... මේ කාමරේ ඉදලා මන් කොච්චර නම් අපරාධ විසදලා ඇද්ද , කොච්චර නම් රන්ඩු , විහිලු කරන්න ඇද්ද ... ඒත් හැමදෙයක්ම නැති වෙලා යන්න ගියේ තප්පරේකට අඩු කාලයක් .....

" අභිමන් , බඩු ටික පැක් කලාද .... "

මිස්ටර් සූරියආරච්චි කාමරේට ආවේ ආයෙත් දොර වහන ගමන් .. ඇවිල්ලා පැත්තක තිබුනු සෝෆා එකේ වාඩි උන සර් කකුලක් පිට කකුලක් දාගත්තේ මන්   දිහා  බලන   ගමන් ..

" සොරි සර් , ඇත්තටම මට සර්ට එහෙම දෙයක් කියද්දි ඉවසන් ඉන්න බැරි උනා ... අනික එයාලට මොකක්ද සර් තියෙන අයිතිය රටේ වෙන අපරාධ සල්ලි වලට යට ගහන්න ... සර් ... අනික සර් අපිට ඉක්මනට ඌව අල්ලගන්න පුළුවන් වෙයි නේ සර් ..... "

" දැන් ඕවා කතා කලාට වැඩක් නෑ අභිමන් .... දැනටමත් සූරියබණ්ඩාර , උඩට කතා කරලා කේස් එක වහලා ඉවරයි .. කොටින්ම අපිට කොච්චර මර්ඩර්ස් උනත් මේ ගැන තීරණයක් ගන්න වෙන්නේ උඩින් අවසරේ ලැබුනොත් විතරයි ..... "

" සර් ... මන් ගිහින් කතා කරන්නම් .... සර් මේක අපි විසදන්න ඕනේ සර් .. පොඩ්ඩක් බලන්න සර් .. අලුත ඉපදුන ලමයෙක්ට එයාගේ තාත්තා නැති උනා , කිසිම ආදරෙයක් නැතිව හැදිලා තමන්ගේ අනාගතේ හදාගන්න ගිය ලමයෙක් නැති උනා ... ලමයි හතර දෙනෙක්ට එයාලා හරි වයසට එන්න කලින්ම එයාගේ අම්මව නැති උනා... අපි , අපි තව කොච්චර ඉවසන්නද සර් .... "

" අභිමන් .... දැන් කිසිම දෙයක් කරන්න බෑ . අපිට කරන්න තියෙන හැම දෙයක්ම ඔයාගේ දඩුවම ඉවර වුනාම තමා කරන්න වෙන්නේ ..... අනික ප්‍රශ්න තියෙන එක වෙනයි , මෙතන ප්‍රශ්නේ සූරියබණ්ඩාර මේක ඉහලට පැමිනිලි කරපු එක .. අනික ඔයා දන්නවා අභිමන් පොලිසිය ඇතුලේ පිස්ටල් පාවිච්චිය තහනම් කියලා ... "

" මන් තුවක්කුව දික් කලාට මන් ශූට් කරන්න හිතුවේ නෑ සර් ... මොකද මන් සාක්ශි කාමරේ ඇතුලෙදි උන්ඩ ටික අයින් කලා .... මන් ගිහින් බලද්දිත් උන්ඩ එතනම තිබ්බා සර් ... කවුරු හරි ... "

AZRAEL   (  Angel of Death  )   complete Where stories live. Discover now