පුරුදු ජීවිතේ වෙනස් වෙලා බේබදු ජීවිතේකට මාව වැටුනේ හිතාගන්නවත් බැරි ඉක්මනට.... මහ පාන්දර වෙනකන් බෝතල් කටේ ගහගෙන බාර් වල වැටිලා ආයේ සිහියට එන්නේ හවස් වෙලා.... පස්සේ අතට අහු වෙන ඇදුමක් ඇගට දාගෙන පොලිසිය පැත්තට යන්නේ අදවත් රාජිව් එලියට බහී කියලා.
ඒත්.... සතියකට ලග කාලයක් කොච්චර කරක් ගැහුවත් රාජිව් කෙලින්ම ගෙදරට ගියා මිසක් එදා වගේ කොහෙවත් ගියෙත් නෑ ... ඒ කාලේ පුරාවටම කිසිම මිනීමැරුමක් උනෙත් නැ..... ඒත් ඒ අතරේ උන මරන ගානක ක්‍රමවිදි ගැන ඉගෙනගන්න පුළුවන් උනේ සමාජයේ ඉන්න මිනිස්සුන්ගෙන්මයි .....
දවස් ගානකට උඩින් උන මරනේ ගැන සංකීර්නේ ඉන්න මිනිස්සුන්ට කනවැටුනේ එදා දවසේ කතාව ඒ මරනේ ගැන වෙද්දී .... මුලින් මුලින් විස ගැන එක එක අදහස් මන් ඔහේ කියලා දැම්මේ අනික් අයගේ අදහස් හොයාගන්න..... හුගක් අයගේ එකම තීරනේ උනේ අනිවාර්යයෙන්ම ඇගට විස ඉන්ජෙක්ට් කරලා මරන්න ඇති කියලා .... ඒත් බාර් එකේ කොනක ඉදගෙන ඉන්න ලේසියෙන් කතාවට නොයන වයස්ගත මිනිහෙක් එයාගේ කට ඇරියේ එවේලේ ....
" ම්ම්ම්.... ඕක විස නිසා උන මරනයක් නෙමේ... "
ඒ හඩත් එක්ක හැමෝම එයාගේ පැත්ත හැරුනේ කතාවේ ඉතුරු ටික අහගන්න උවමනාවෙන් ...ටික වෙලාවක් අතේ තිබ්බ බීඩිය ඉරුව මිනිහ නැගිටලා කඩේ තිබුනු පොඩි බංකුවකට හේත්තු වුනේ දුම් රැල්ලක් උඩට යවන ගමන් ....
දැන්ම කතා කරන පාටක් නැතිනිසා මන් අනික් මිනිස්සු දිහා බැලුවේ ආයේ කතාවක් පටන් ගනීද කියලා...... ඒත් ඒ හැමෝම තාමත් අර පුද්ගලයා දිහා බලාන හිටියේ කලින් බලාගත්ත විදියටමයි ..... ටිකකින් අතෙ තිබුනු බීඩිය ඉවර උනාම උගුර පාදලා කතා කරන්න පටන් ගත්තේ මන් අතේ තිබුනු බට්න් ෆෝන් එකේ රෙකෝඩින් එක කාටවත් පේන්න නැති වෙන්න ඔන් කරද්දී......
" ඕක විසක් නෙමේ ..... ඔය මිනිහා මැරුනට පස්සෙ පොලිසියේ උන් ඉන්න තැනට මන් ඔලුව දැම්මේ උන්ගේ මරණ පරීක්ශනේ අදහස් හොයාගන්න..... උන් හිතන්නෙත් මේක වහක් කියල.... මේක වහක් නෙමේ බන් උබලා අපි කන ඇපල් වල ඇට වගයක් මේ........"
" ඇපල් ඇට ????? "
එකපාරටම පුරුදු විදියටම සැකයක් ආපු තැනක කට ඇරුනත් මන් වට පිට බැලුවේ මාව සැකේට ගනීද කියලා... ඒත් හැමෝම කතාවට වහ වැටිලා ඉන්න නිසා කවුරුත් ඒ ගැන අවධානයක් දුන්නේ නෑ ...
YOU ARE READING
AZRAEL ( Angel of Death ) complete
Mystery / Thrillerමාස තුනක්..... හරියටම මාස තුනක් තිස්සේ එක දිගට වෙන මිනීමැරුම්..... එක්කට එකක් වෙනස් මේ මිනීමැරුම් වල අරමුණ මොකක්ද???? අමාරුවෙන් උන්ගෙන් එකෙක් අල්ල ගත්තත් උගෙන් පිටවුනේ... " දාම ඝාතකයාගේ රසික සමාජයේ " කියලා.... රසික සමාජේ ????? එතකොට කව්ද මේකේ...