දහා අටවෙනි හෝරාව

263 48 7
                                    

ගෙදරට ආපු වෙලේ ඉදලා මන් කතා කරන්න හදන හැම වෙලේම මග ඇරිය තේනුල්‍ය කාමරේට රිංග ගත්තේ මගෙත් එක්ක තියෙන තරහා කාමරේ දොරෙන් පිට කරනවා වගේ උලුවස්ස ගලවන් යන තරම් වේගෙන් දොරත් වහගෙන..... කොච්චර කතා කලත් කෝල්ස් ගත්තත් කිසිම උත්තරයක් නොදෙද්දී මන් කාමරේ බැල්කනියට ගියේ බියර් ටින් එකකුත් අරගෙන..... විද්වාන් එක්ක කතා කරන්න හොස්පිටල් එකට එද්දි මන් තේනුව බලාපොරොත්තු උනත් විද්වා අහපු ප්‍රශ්නෙත් එක්ක මට ඒක එහෙම්මම අමතක වුනා ...

ඊටත් එවෙලේ තේනුල්‍යගේ හැසිරීම මන් කොහොමවත් හිතුවේ නැති විදියක් .... කාර් එකට නගින්න කියන්න කියන්න ලග තිබුනු කැබ් එකකට නැග්ග තේනු ගේ ලගින් බැහැලා මන් කතා කරද්දී සද්දයක් නැතිව කාමරේට ගියා .... කේන්තියෙන් පුපුරන රියැක්ශන් එකක් බලාපොරොත්තු වුනත් මේ හැසිරීම මාව තවත් බය කලේ ඊලගට මොකක් වෙයිද කියලා.....

විනාඩි දෙකක් තුනක් ඔහේ ඉද්දී ඇහුන සද්දයක් එක්ක මන් පිටිපස්ස බැලුවේ ඒ එක්කම වගේ තේනුල්‍ය කාමරේ දොර ඇරගෙන මන් ඉන්න තැනට එද්දි .... ටික වෙලාවක් මන් එයා දිහා බලාගෙන ඉදියත් කිසිම කතාවක් අපි අතරේ උනේ නෑ ... ඒත් එකපාරටම තේනුල්‍ය කතා කරන්න ගත්තේ අද හම්බුන දෙන්නෙක් වගේ ..

" එන්න එන්න  කේස් එක සීරියස් වෙනවා නේද මිස්ටර්  අභිමන්.....  "

" හ්ම්ම්ම්ම්ම්... ඔව් තේනු.... සෑහෙන්න සීරියස් වෙලා..."

"  ම්ම්ම් ..... මට පේන්නේ හම්බෙන හැම කෙනාම සැක කරන්න පුළුවන් වෙන තැනටම ජොබ් එක ස්ට්‍රෙස් වෙලා වගේ ...  "

" තේනු ප්ලීස්.... පිහියෙන් අයිනවා වගේ කතා නොකර මන් කියන දේ අහන්න ටිකක් .. ඔයා ගියේ කතාව ... "

"  ඇති මිස්ටර් අභිමන් ........ ඩොක්ටර්ස්ලායි පොලිසියයි අතරේ මොන බැදීම්ද.... මටයි කලින් තේරුන් ගන්න බැරි උනේ ...  "

" තේනු අහන්න ටිකක්....  මන් මගේ රස්සාවත් එක්ක පුදුම විදියට බැදිලා ඉන්න කෙනෙක් කියලා ඔයා දන්නව .... එකේ ඇතුලේ කරන්න ඕනේ දේ මන් කරන්නේ තේනු ... "

"  අහ්හ් ... එහෙම තමා මිස්ටර් අභිමන් හැම ජොබ් එකම .... ඔයාලා මිනීමරුවෝ පස්සේ පන්නද්දි  අපි පන්නන්නේ මාරයා ගේ පස්සේ ... ඒත් මට හිතෙන්නේ ඔයාලා ඔය පන්නන මිනිහා  මෙච්චර දරුනු උනේ සාධාරණ හේතුවක් උඩ කියලා ... "

AZRAEL   (  Angel of Death  )   complete Where stories live. Discover now