දාහත්වෙනි හෝරාව

266 52 11
                                    

වැටිලා ඉන්න කොල්ලව උස්සන්න අත දික් කරත් නලලේ ඉදලා බේරෙන ලේ පාරත් එක්ක මන් එයාගේ ඔලුව බැලුවේ වැටුන ටිකට ඔලුව පැලුන කියලා හිතාගෙන .. ඒත් එක්කම එයා අත දික්කලේ මගේ ඔලුවට උඩින් තියෙන දෙයක් පෙන්වන්න වගේ ... මන් එහෙම්මම නැගිට්ටේ අතේ තිබුනු ටෝච් එක උඩට ගහන ගමන් .

බිල්ඩින් එකේ තුන්වෙනි තට්ටුවෙන් පහලට එල්ලිලා වැටිලා ඉන්න තරුන කොල්ලෙක් ... මෙච්චර උඩකට නැගලා සුයිසයිඩ් කරගන්න තරම් .... පුළුවන් ඉක්මනට කන්ඩායමේ අනික් අය එනකන් මිනිස්සුන්ව අයින් කලේ සමහරු දඩිබිඩියේ පඩිපෙලෙන් උඩට යන්න පොරකද්දී ...

තවත් විනාඩි දෙකතුනකින් කන්ඩායමේ අය එතනට එද්දී මන් උඩට ගියේ අපේ කන්ඩායමේ අයත් එක්ක .. ස්ලැබ් එකෙන් පැන්න තැන ලගකට වෙන්න බෑග් එකක් තිබ්බත් හොදට මුවහත් උනු පිහියක් ඇරෙන්න ඒකේ වෙන කිසිම දෙයක් තිබුනේ නෑ ... අනික් අය එල්ලිලා තිබුනු මිනිය ගොඩට ගන්නකන් මන් වටපිටාවේ දේවල් පරීක්ෂා කලේ කොහොමත් ටික වෙලාවක් තියෙනනිසා ..

පැනලා තියෙන තැනට ලනුව ඇදලා තියෙන්නේ අඩි හතරක් පහක් දුරක ඉදලා ... මෙච්චර පරාල , ලී තියෙන ගොඩනැගිල්ලක බිමින් ලනු අදින්න හේතුවක් ... අනික සියදිවි හානි කරගන්න එනවා නම් පිහියක් ඇයි ... ඒකත් මහ පාරට පේන තැනක .... ඊටත් වඩා බෙල්ල වැල දාගත්තත් ලේ එන්න තරම් හේතුව ..... මන් හතරවටේටම කැරකි කැරකී කල්පනා කරද්දී එකපාරටම තේනුල්‍ය කතා කලැයින් මන් ආයෙත් එතනට ගියේ සූරියආරච්චි සර් ලග තිබුනු ලී ගොඩකට හයියෙන් පයින් පාරක් ගහගෙන ලග තිබුනු ගල් ගොඩක් උඩ වාඩි වෙද්දි ...

" මොකක්ද තේනුල්‍ය ප්‍රශ්නේ ... "

මන් තේනුල්‍යගෙන් අහන ගමන් බොඩි එක දිහා බැලුවේ දැනටමත් ඉටිකොලයක් උඩ දිගා කරලා තියෙන කොල්ලගේ මිනිය සම්පූර්ණයෙන් බලන ගමන් ... කලින් ප්‍රශ්නයක් ආවත් ලේ එන්න තරම් උනේ මොකක්ද කියලා , බෙල්ලේ තිබුනු කටු කම්බියක් වටේ යවපු කඹේ දැක්ක ගමන් මට හිතාගන්න පුළුවන් උනා වෙන්න ඇත්තේ මොකක්ද කියලා ... ඒත් සුයිසයිඩ් කරගන්න කෙනෙක් මෙච්චර ලේසියෙන් කඹේ දාගන්න පුළුවන්කමක් තියෙද්දි ඇයි කටු කම්බියක් ...

AZRAEL   (  Angel of Death  )   complete Where stories live. Discover now