කලින් කොටසක් දුන්නා...ඒක කියවලා මේකට එන්න.
කැරි මාමාට තමන්ගේ ක්‍රමයට අවසන් ගෞරව දක්වලා රස්තා විජේයි ඇටයායි ෆයිසරුයි බයික් වලින් ඉගිලිලා ආවේ කාසාගේ පොට් එකට...
පොට් එක කියන්නේ කාසාගේ ගැන්සිය ඉන්න ලයිම් නිවාසෙට....කාසායි උගේ කල්ලියයි ඉන්නේ එක ලඟ ගෙවල්වල...තව අපත රැලක් එක යායේ....
මෙහෙ පෙට්ටි ගෙවල්වල ඉන්නවා මහ ගොඩක් මිනිස්සු....හරියට සීමා මායිම් එක්ක හදපු හරිහමන් ගෙවල් නෙමේ මේවා....දහ දොලොස් දෙනෙක් වුනත් පොඩි කාමර දෙකක් අටවපු ගෙදරක ජීවත් වෙනවා....
ජීවිතේ කටුකයි මෙහෙ ඉන්න එවුන් ජීවත් වෙන්න කටු කයි....
කාසා කියන්නේ රස්තා කල්ලියට පේන්න බැරි උන්ගේ විරුද්ධවාදී කල්ලියේ නායක පොර...ඌ රස්තියාදුකාරයෙක් වෙලා තියෙන්නේ අවුරුදු දොලහේ ඉඳන්.....
උන් ඉන්නේ විජේලාගේ ඒරියා එකට විරුද්ධ පැත්තේ...ඒත් උන් දෙගොල්ලම එකම ගමේ අපතයෝ....
සාරිමුල්ල රන් කරන ගැන්සි දෙක තමා රස්තායි කාසායි කියන්නේ....නයාට අඳුකොල වගේ දෙගොල්ලට දෙගොල්ලන්ව පේන්න බෑ...දුටු තැන උන් හැසිරෙන්නේ ජන්මාන්තර වෛරක්කාරයෝ වගේ....
කාසා කියන්නේ අවුරුදු විසි පහක රස්තියාදුකාරයෙක්...ඌත් කරන්නේ විජේ කරනවා වගේම මැර වීරකම් තමා.....
උන් දෙගොල්ල මොන දේ කරන්න ගියත් ගහමරාගැනිල්ලකින් තමා නතර වෙන්නේ....
ඉස්කෝලේ යන පොඩි කොල්ලෝ වගේ නෙමේ මුන් මරාගන්නකොට...සිරාවටම මරා ගන්නවා....ලේ හලාගන්නවා...ඒ වුනාට උන්ට ගානක් නෑ.....
එකෙක් දෙන්නෙක්ගේ අතපය කැඩිලා ඔළු තුවාල වෙලා ඉස්පිරිතාලෙ නවතින්න වෙන තරම් දරුණුවට ඒක වෙනවා.....මිනියක් මැරුනත් පුදුම වෙන්න දෙයක් නෑ උන්ගේ ගහගැනිලිවල හැටියට......
දැනට මාස තුනකට විතර කලින් ගැන්සි දෙක අතර ගිය දරුණු වලියකදි ෆයිසර්ගේ නලල පැළුනා කාසාගේ දකුණු අත වගේ ඉන්න ලපයා ෆයිසර්ට ඔළුව පැලෙන්න බෝතලේකින් ගහපු නිසා....
සුදුවට ඉන්න ෆයිසර්ගේ නලලේ ඒ කැලල අදටත් පැහැදිලිව පේන්න තියෙනවා...නලල පැළුනට ඌ සැලෙනවද?...නෑ...ඌ තියා උන්ගේ ගැන්සියේ එකෙක් සැලෙන්නේ නෑ...ඒ විජේගේ ගැම්ම නිසා....
YOU ARE READING
රස්තා (Ongoing)
Non-Fictionසීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!