නාලක ලන්ත්‍රා....කවුද මේ ලන්ත්‍රා?....
ඒ නම සාරිමුල්ලේ ලොකුවට ප්‍රසිද්ධ නොවුනට දන්නෝ දනිති මූ ගැන...ලන්ත්‍රා කියන්නේ දේශපාලුවන්ට කඩේ යන එකෙක්.....
තිරය පිටුපස ලොකු ලොකු ගේම් ගහන දේශපාලන අතකොලුවක්...එක්තරා විදියකට වැඩ්ඩෙක්.....කැරි වැඩ්ඩෙක් ...
ඌට තරම් කන්ටෑක්ට්ස් ලංකාවේ ජනාධිපතිටවත් නැතුව ඇති.....ඌ කට්ට කපටි කෛරාටිකයෙක්.....
ඌ එක එක ජාතියෙන් ගන්න කොන්ත්‍රාත් පවා වැහි නැති හෙන ගහන වැඩ....ලන්ත්‍රා ජඩ දේශපාලුවෝ වෙනුවෙන් ඕන සක්කිලි වැඩක් කරලා සල්ලි හම්බකරන කාලකන්නියෙක්.....
ඌ කාසාගේ අනික් එක....ඌත් ගෑණුන්ට සහ මත්වතුරට අසීමිතව ඇබ්බැහි වුන එකෙක්.....ඉඳලා හිටලා හොඳ පිරිමි මසටත් කෙල හලන කාම පෙරේතයෙක්....
නාලක ලන්ත්‍රා අම්මා තාත්තා කවුද කියලා නොදන්න අනාථයෙක්....පාතාලයෙක් ගාව හැදුන නාහෙට නාහන දඩබ්බරයෙක්....
අම්මලා දරුවන්ට කවදාවත් වෙන්නෙපා කියන ජාතියේ අමනයෙක්.....ඌත් හිතක් පපුවක් නැති තරුණ ජීවිතේ නාස්ති කරගත්ත කොල්ලෙක්.....
ඌ මැති ඇමතිලාට ගෑණු වගේම පිරිමිත් සප්ලයි කරනවා.....ඒ ගණිකාවෝ එක්ක ඇමතිලා නිදිවදිනවා හොරෙන් සූක්ෂමව පටිගත කරලා පක්ෂ විපක්ෂ එවුන්ට බෙදනවා චන්ද කාලේ දේශපාලන වාසි ගන්න.....
ඕවා තමා පස්සේ කාලෙක එලියට එන මැති ඇමතිලාගේ හොර ෆයිල්ස්....එක එකා උන්ට ඕන ඕන විදියට මහ ජනතාව කියන මෝඩ පණ්ඩිතයන්ව අන්දනවා මේ ෆයිල්ස් පෙන්න පෙන්න....
මිනිස්සුත් ඒ කුණු බයිලා අහලා ලස්සනට ඇන්දිලා හතරට පහට පිල් බෙදිලා මරාගන්නවා....
අන්තිමට අමුතු ඇටේ ඉන්න අනාගතේ ගෙනියන්න ඉන්න රස්තා කාසා වගේ තරුණ කොල්ලෝ කල්ලිවලට බෙදීගෙන මරාගෙන අසරණව ඔහේ මැරිලා යනවා පට්ට කාලකන්නි වගේ.....
රටත් කාලකන්නි වෙලා විනාසම වෙලා යනවා ඊට පස්සේ ඇපත් නැති වෙන්නම....
වයසෙන් අවුරුදු තිහක් වෙන ලන්ත්‍රා අවීන්රගේ පාසල් සගයෙක්....සගයෙක් කිව්වාට උන් දෙන්නා අතිජාත මිත්‍රයෝ නෙමේ....නමින් දන්න ඉඳලා හිටලා කතා කරන දෙන්නෙක්....
KAMU SEDANG MEMBACA
රස්තා (Ongoing)
Nonfiksiසීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!