"ශරාස්!!!!....උඹ මාව මාරයා කරගන්න ලෑස්ති වෙන්නෙපා...හැමදාම උඹ කලේ මගෙන් පැනලා යන එක...මාව මිනීමරුවෙක් කරන්නෙපා යකෝ!!...."
ගරාජ් එකේ පිටිපස්සේ දොර ගාවට දුවලා ගිය ෆයිසර්ගේ බෙල්ලෙන් ඇදලා ගත්ත විශ්ව මුස්ලිම් කොල්ලාගේ මූණට එබුනේ යකෙක් වගේ....
ඌ නියනෙන් ඇන්න නිසා ලපයාගේ කකුලේ ඇඟිලිවලින් ලේ වැගිරුනා.....සෙරෙප්පු දාගෙන හිටපු නිසාම මාපට ඇඟිල්ලක් හිල් කරගෙනම නියන බැහැලා තිබුනා.....
ඒ නිසාම ඌට අම්මා මතක් වෙන කුණුහරුප කටට ආවා......කේන්තියෙන් මූණ රතුවුනා....
ඌ ෆයිසර්ව දොරට තද කලා......ඌ හිටියේ යකා ආවේස වෙලා....කාසා ගැන්සිය ඇතුලෙදිත් ඉවසීමෙන් ඉන්න උගේ ඉවසීම නැත්තටම නැති කරන්න පුළුවන් උගේ ප්රිතිවාදී ගැන්සියේ සුදු කොල්ලාටයි......
"හුකන බල්ලෝ!!!...මාව නටවන්න උඹ හිතන්නවත් එපා ශරාස්...උඹ මට මොන පකෙක්ද හුත්තෝ?....අවුරුදු විසි එකක් වුනා කියලා ඇඟ ලොකු වුනා කියලා උඹ මහ ලොකු කෙරුමෙක්ද?.....ආ.....උඹට මුල මතක නැද්ද යකෝ?......"
ලපයාට ඉහිලුම් නැති වුනා....ඌට වැඩියෙන්ම කේන්ති යන්නෙත් ෆයිසර් එක්ක...ඒකට හේතුව ඌ මුස්ලිම් කොල්ලාව දැන අඳුනගෙන හුඟාක් කල් නිසා....උන් දෙන්නාට අතීතයක් තියෙනවා.....
උගේ කෑ ගැහිලි බැරෑරුම් වගේම උගේ කටහඬට ඕනම එකෙක්ව ගැස්සිලා යනවා.....ලපයාව කාසා උගේ දකුණු අත කරගන්නේ නෑ ඒකා එහෙම නරුමයෙක් නෙමේ නම්.....
"මා..ව...අතෑ...රපන්...හුත්තෝ!!...ම..රන්නද...හ....දන්නේ?......"
බෙලි තද කරන්න කාසා කොල්ලන්ට තියෙන්නේ පුදුමාකාරම හැකියාවක්....ආසාවක්....උන්ගේ ග්රහණයත් සෙල්ලම් නෑ......යකඩෙකට අහුවුනා වගේ.....
සුදු මුස්ලිම් කොල්ලා ලපයාගේ අත තද කරලා අල්ලගෙන ඒ ග්රහණයෙන් ගැලවෙන්න දැඟලුවා....
ලපයා කටකොනකින් හිනාවෙලා අරූගේ බෙල්ල අතෑරියා....ෆයිසර් හුස්ම අල්ලගන්න දැඟලුවා....අරූගේ ඇඟිලි පාර හිටලා සුදු කොල්ලාගේ බෙල්ල රතු වෙලා තිබුනා.....
"උඹ...මාව...මාව මරන්න හදන එක අමුතු දෙයක් නෙමේනේ විශ්ව අයියේ...උඹ...ජරා හුත්තෙක්ම තමා...මගේ අහිංසකකමෙන් උඹ ප්රයෝජන ගත්තා...ජේ නැත්තම් මන් මැරිලා මැරිච්ච වලට බල්ලොත් හුජ්ජ කරනවා මෙලහකට.....ඌ නැත්තම් මන් මීට වඩා අපත සක්කිලියෙක් වෙලා....උඹ...මාව නැත්තටම.... නැති කලා හුත්තෝ!!!!....මෙතන බොරු ලොකුකම් පෙන්නගෙන එන්නෙපා!!!....."
YOU ARE READING
රස්තා (Ongoing)
Non-Fictionසීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!