♣️දෙවන රස්තියාදුව♣️

7.7K 958 2.6K
                                    

"ජේ...ජේ!!!!!....."

"අවී!!!!!.....කමෝන්!!...."

රේස් එක පටන් ගත්තට පස්සේ හුලං කපාගෙන බයිකර්ස්ලා ටික ඉස්සරහට ඇදෙනකොට කොල්ලෝ දෙන්නාටම සපෝට් එක වැඩියෙන් ලැබුනා ට්‍රැක් එක දෙපස හිටපු ප්‍රේක්ෂකයන්ගෙන්....

විජේ කියන නම පරණ තාලේ නමක් නිසා රයිඩර් ජේ කියන නම රස්තා කොල්ලා දාගත්තා ට්‍රැක් නේම් එක විදියට..

එතකොට අවීන්රගේ නම ට්‍රැක් එකට ඩීසන්ට් වැඩි නිසා ඌ අවී වුනා.....

උන් දෙන්නාගේ හැකියාව වගේම පෙනුමත් බලපෑවා බලන්න ආපු එවුන්ගේ කටවල් සද්ද කරන්න.....

කෙල්ලෝ තමා වැඩිපුර සද්ද කලේ....උන්ගේ කටවල් කෝමත් සද්දයි හොඳට හෝ නරකට....

කෙල්ලන්ගේ කෑ ගැහිල්ල වැඩිවෙන තරමට අවදානේ වැඩි වෙනවද නැත්තම් කොල්ලන්ගේ මෝල තදවෙනවද කියන එක හොයන්න වටින කාරණාවක්......

මේ රේස් එක දිනන එකාට ලක්ෂ ගණන් සල්ලිවත් තෑගිබෝගවත් හම්බවෙන්නේ නම් නෑ.....

රුපියල් පහලොස්දාහයි හම්බෙන්නේ පලවෙනියාට....දෙවෙනියා තුන්වෙනියාට ලැබෙන ගාන ගැන කියලා වැඩකුත් නෑ....ඒ තරමට ගානේ බිංදු ගාන සෑහෙන පොඩියි....

ඉවෙන්ට් එක ඕගනයිස් කරන පාතාල ලොක්කා ලොකු ගානක් හොයාගත්තට රිස්ක් එක ගන්න බයිකර්ස්ලාට හම්බෙන්නේ සොච්චමක්...

අමුතු ඇටේ කොහෙත් වෙන්නේ ඕකනේ...තියෙන තැනටමයි සල්ලි උනන්නේ....තැලෙන එකා හැමදාම තැලෙනවා....

ඔය නිසා තමා විජේ වගේ ඇඟේ හයිය ලේ වල ඇම්ම තියෙන කොල්ලෝ ඩ්‍රග්ස් පවා ඩීල් කරන්නේ...

මිලිග්‍රෑම් ගානක් එහෙට මෙහෙට ගෙනිහින් දුන්නාම ලොකු ගානක් උන්ගේ අතට එනවනේ....

විජේ කුඩ්ඩෙක් නොවුනට පුරුද්දට කුඩු විකුණන එකෙක්.....ඌට කුඩු විකුණන්න අත්පොත් තිබ්බ එකා තමා අර උගේ ගෙදර සමාදානයක් නැතුව සැතපෙන්නෙ....විජේගේ කැරි මාමා!

අද උන්ට පදින්න ලේසි ට්‍රැක් එකක් නෙමේ තිබුනේ...පස් කඳු...මඩ වතුර...අලි වලවල්.....ගල් පාරවල්වල හරියට ලයිට් එලියක්වත් නැතුව කළුවරේම උන්ට යන්න සිද්ධ වුනා....

රස්තා (Ongoing)Where stories live. Discover now