♣️රස්තියාදුවට ඇරයුමක්♣️

20.9K 1.2K 2.1K
                                    

මෙය පරිණත භාෂාවක් සහ සිද්ධි ඇතුලත් ප්‍රබන්ධයක් බව තරයේ මතක තබාගන්න..තමන්ට කියවීමට නුසුදුසු නම් නොකියවීමට වග බලාගැනීම පාඨකයා සතු වගකීමකි.

කිසිදු සමාජ තලයකට හෝ පිරිසකට අපහාසයක් හෝ උපහාසයක් කිරීමට කතෲ උත්සාහ නොදරන බව මතක තබාගන්න.

ප්‍රධාන නගරවල නම් හැරුනුකොට අනිකුත් නම් ගම් සහ සිද්ධි මනක්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

මෙය කතෲගේ මනස තුල ගොඩනැගුනු හුදු වින්දනීය කල්පිතයකි....කතෲ අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ පිටපත් කිරීම සපුරා තහනම්.

Tags and Warnings:

Explicit/ Graphic Smut
Use of Alcohol/ Drugs
Frequent Use of Mature Language
Illegal Drug Deals and Street Racing
Mild Violence
Mention of Blood
Age Gap
Slum Life

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

කොලඹ සාරිමුල්ල ප්‍රදේශයේ ඉරිදා උදෑසන 7.00......

ලයිමක්....පරණ නිවාස සංකීර්ණයක්....මලගෙදරක්...සුදු ඇඳගත්ත පිරිසක්..නොනවතින හැඬුම්....විටෙක උස් වෙන විලාප තැබීම්....

බාගෙට වැඩ නිමාවුන උඩු මහලේ ඉඳන් සිගරැට් එකක් දෙතොල් අතර තියන් විඳින අවුරුදු දහනමයක දඩබ්බර හිතුවක්කාර කොල්ලෙක්.....

සායම් ගිය හොඳටම පට්ට ගහපු ඩෙනිම් කලිසමක් විතරක් ඉණ පහලට ඇඳගෙන හිටපු උගෙන් සෙල්ලක්කාර කඩවසම් බවක් පෙනුනා......

ගෙයි පහල අඬවැඩියාවල් වලට වඩා හාත්පසින්ම වෙනස් මූඩ් එහෙක ඌ හිටියේ....ඌ හිනාවෙවී උගේ ලෝකෙක හිටියා.....

කොල්ලාගේ නිරුවත් උඩුකය පුරාම එක එක ජාතියේ ටැටූස්....අත් දෙක පුරාමත් ටැටූස් පිරිලා......

ජිම් හිහින් හදපු ශරීරයක්ම නොවුනත් පිරිපුන් දේහයකට ඌ හිමිකම් කිව්වා....වයසට වඩා පරිණත බවක් උගෙන් මතුවුනා.....

ලාවට දෙකට බෙදුනු පපුව මැද දිලිසුනේ සුදු යකඩ මාල කීපයක්...බැලු බැල්මට රස්තියාදුකාර මැර පෙනුමක් තියෙන කොල්ලෙක්....

අඩි හයකටත් වඩා උසක් තියෙන කොල්ලා වචනයේ පරිසමාප්තියෙන්ම කඩවසම් පෞරුෂයක් තියෙන එකෙක් හැටියට හඳුන්වන්න පුළුවන්......

රස්තා (Ongoing)Donde viven las historias. Descúbrelo ahora