කාසා හිටියේ කවදාවත් නැති තරමේ තරහකින් පුපුර පුපුර....උගේ තරහව එක්ක ගැටිලා ගේමක් ඇදගන්න හයියක් තියෙන කෙරුමෙක් උගේ ගැන්සිය ඇතුලේ නෑ.....
හුදෙක්ම කට කියවන පණ්ඩිත කෙරුම්කාරයෙක් විතරයි කියලා එළියට පෙනුනත් කාසා කියන්නේ ගමක් බය කරගන්න පුළුවන් තරුණ දාමරිකයෙක්.....
ඌ අවුරුදු දොලහේ ඉඳන් කැති පොලු අතට අරගත්තේ පොල් ගාන්න නෙමේ.....ඌ සිරාම මදාවියෙක්....ගණන්කාරයෙක්....කාඩ්බෝඩ් වීරයෙක් නොවෙන වීරයෙක් උගේ ගමට...උගේ ගැන්සියට.....
රස්තලා වුනත් කාසලාව සුළුවෙන් තකලා නෝන්ඩියට කතා කලාට උනුත් දන්නවා මුනුත් සෙල්ලම් නෑ කියලා.....
නැත්තම් උනුත් දෙකයි පනහේ සිපයි කෑලි එක්ක ගැටිලා උන්ගේ තත්වේ බාල්දු කරගන්නේ නෑ....
කාසා ඉතාමත් නොසන්සුන්ව උගේ ගෙදර පොඩි සාලේ කෑල්ලේ එහාට මෙහාට ගියේ ගැන්සියේ කොල්ලෝ රොත්තම මහ පාන්දර පහ වෙනකොටම ගෙදර සාලෙට ගොඩවෙලා ඉද්දී.....
උන් සේරමලා කාසාගේ පොට් එකට මහ පාන්දරම ආවා....එන්න සිද්ද වුනා කිව්වොත් තමා හරි..... උන් කැමති වුනත් අකමැති වුනත් එන්න වුනා...
කාසාගේ වචනෙකට පිටින් යන්නේ නෑ උන්.....සමහරු මූනිච්චාවට හරි කාසාට යටහත් පහත්ව ඉන්නවා ඌ එක්ක සෙල්ලම් නැති නිසා.....
යටින් ගේම් ගහන පැත්ත මාරු කරන පිටට පිහියෙන් අනින කාලකන්නිත් නැතුවා නෙමේ.....
කාසාව අවුස්සලා මූණට මූණ ගේම ඇදගන්න පුළුවන් ඌ වගේම බය නැති තව සක්කිලියෙක්ට විතරමයි....නමින් කියනවා නම් එහෙම ගටක් තියෙන්නේ රස්තා පොඩි විජේට විතරමයි......
හකු තද කරන් ඇස් රතු කරන් අත් දෙක පිටිපස්සට බැඳගෙන වේගෙන් හුස්ම ගනිමින් ඌ කල්පනා කර කර සද්දෙන් අඩි තිය තිය සාලේ එහාටයි මෙහාටයි ඇවිද්දේ අනික් කොල්ලෝ ටික හුම් සද්ද නැතුව බැරෑරුම්ව බලා ඉද්දී......
ඌ ඉන්නේ නහුතෙට තදවෙලා....මේ වගේ වෙලාවට ඌට උගේ පාඩුවේ ඉන්න අරින එක කාසා ගැන්සියේ පුරුද්ද.....කවුද කැමති වෙඩි කාපු සිංහයෙක් එක්ක නිකරුනේ ඔට්ටු වෙලා මැරුම් කන්න......
KAMU SEDANG MEMBACA
රස්තා (Ongoing)
Nonfiksiසීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!