"අම්මට හුකන්න!...අර වේස හුත්තා ලැජ්ජාවක් නැතුව මෙහෙට එනවා.....අපේ අවී අයියාට කරපුවා මදි වෙලා වෙන්නැති පරයාට....කාසාට කියන්න වෙනවා......මන් ගිහින් එන්නම් උඹ මෙතන හිටපන්....."
කාසා ඒරියා එක රස්තා භූමියෙන් වෙන් කරන උණ බම්බු වැට කඩාගෙන විජේගේ බයික් එක ඇතුල් වුනේ මහ හඬින්....
විජේ මොන වැඩේ කලත් උගේ ගැම්මයි සද්දෙයි අඩු නෑ...බඩගිනි වුනත් සිංහයෝ තණකොල බුදින්නේ නෑ වගේ තමා...
උගේ හිත ඇතුලේ තිබ්බේ ඌ ගැනම ඇතිවුන කේන්තියකට මිශ්‍ර වුන දරාගන්න බැරි තරමේ නොඉවසිලිවන්තකමක්...වෛරයක්මද කියලා කියන්න අපහසු හැඟීමක්.....
හිතාමතා මරු කටට පනින්න තරම් රස්තා විජේ ආවේගශීලී වුනේ දුරදිග හිතන්නේ නැතුව.....
ඌව දැකපු කාසාගේ වැයික්කියේ මුරභට කොල්ලෙක් රස්තා ලොක්කාගේ පෙනුමෙනුයි බයික් එකෙනුයි අඳුනගත්තා ඒ විජේ තමා කියලා....
උන්ට මුනුත් මුන්ට උනුත් අඳුනගන්න හඳුනාගැනීමේ පෙරෙට්ටු අවශ්‍ය නෑ......ලඟ ඉන්න යාළුවන්ටත් වඩා හොඳට උන් දෙගොල්ලම උන්ගේ හතුරන්ව අඳුනගෙන ඉන්නේ.....
අර කාසාගේ හෙංචයියා ඌ ගාව හිටපු අනික් කොල්ලාව එතන තියලා උගේ බයික් එකට නැගලා කඩාගෙන බිඳගෙන කාසාගේ පොට් එකට ගියේ හොර පාරෙන්...
මේ වගේ නිවුස් උන් ෆෝන් එකෙන් දෙන්නේ නෑ....ෆිල්ම්වල වගේ බයික් එකේ පිඹගෙන ගිහින් ගැම්මෙන් දෙන්නේ......ඒ තරම් ඇම්මකාරයෝ තමා මුන්.....
විජේ ගියේ වෙන පාරකින්....පාන්දර හිටියාට වඩා හොඳ සිහියෙන් හිටියාට ඌ හිටියේ තාමත් මත් ගතියෙන්.....සුදු අප්පොගේ හුකන ඇටයා අමු පිස්සෙක්...
මේ අතරේ පගා කප්පිත්තෝ වුන පොලීස්කාරයෝ දෙතුන් දෙනා ෆයිසර්ගේ ගරාජ් එක හොඳට සෝදිසි කරන්න පටන් ගත්තා...
උස මහත කළු පොලිස්කාරයා නම් ගරාජ් බිම පුරාවට බුලත් කෙල ගගහා ඇවිද්දේ ෆයිසර්ට කියලා ගෙන්න ගත්තු ප්ලේන්ටී කෝප්ප තුන හතරකට වැඩේ දුන්නාට පස්සේ....
පොලිස් සාජන්ලා දෙන්නා පිස්සු බල්ලෝ දෙන්නෙක් වගේ ගරාජ් එකේ බයික්...යකඩ කෑලී...ආයුධ පෙට්ටි අනන් මනන් සේරම පෙරල පෙරලා මොන මොනවදෝ හෙව්වා.....
ESTÁS LEYENDO
රස්තා (Ongoing)
No Ficciónසීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!