ඔන්න ඇරිය ඔන්න ඇරිය ටැප් එක වගේ මුනක් එක්ක අරෝෂ් අඩන අයුර්ව නැලේව්වේ පුදුම අමාරුකින්නුයි... කොහොමහරි අයුර්වත් නලවලා ආච්චිඅම්මාවත් කියන්න බොරුවකුත් බොහොම අමාරුවෙන් දෙන්නත් එක්ක හදාගෙන ආපු විදිහටම අරෝෂ් ජනෙල්ලෙන් පැනලා ගියේ කිසිම ගානක් නැතුව උනත් අයුර් නම් හිටියෙ කලබලයෙනුයි...
අරෝෂ් වලව්වට එද්දීත් 6 පහු වෙලා තිබුන හින්දා සුරේන්ද්‍රන් මහත්තය ගිහින් තිබුනේ...
"අයියේ... යන්න..."
"කොහෙද බන්..."වලව්වට ගොඩ වුන ගමන් ප්‍රවීනා අයෙත් යන්න කියද්දී අරෝෂ් ඇහුවේ ඔලුව කසනගමනුයි...
"අයුර්ලගේ ගෙදර..."
"ඉතින් බන් මන් ගිහින් නෙ ආවේ..."
"අනේ වස්සෝ...එකාව එක්කගෙන එන්න යනවා... අප්පච්චි ගියපු හින්ද දැන් ප්‍රශ්නයක් නැනේ... අම්මා හරි අසාවෙන් ඉන්නේ..."
ප්‍රවීනාගෙ කීම හින්දම අරෝෂ් අයෙත් අයුර්ව එක්කගෙන එන්න ගියේ යන්න කලින් අයුර්ට කෝල් එකකුත් දීලා ලෑස්ති වෙලා එලියට එන්න කියලායි...
"අයියේ..."
"අයියේ..."
"මොකො ආයු..."වාහනේට නැගපු වෙලේ ඉදලා අයියේ අයියේ කියලා අයුර් හුමිටි තිබ්බ හින්දම අරෝෂ් අයුර් දිහා බැලුවේ රළු විදිහටයි...
"බයයි අප්පාහ්..."අයුර් කිව්වේ අරෝෂ්ගෙ එක අතක් එක්ක සෙල්ලම් කරන ගමන්...
"එ මොකද මගේ ආයුවො..."
"මොනව උනත් මන් වලව්වේ ටික දවසක් හරි නවතින්න යනවා කියන්නේ... මට බය නැද්ද අනී.... අනිත් එක්ක ලොකු නොනා..."
"මොකක්ද අයු අම්මා... එයා ලොකු නොන නෙවෙයි ඔයගෙ අම්මා... අම්මා කියන්න අයු...හැමදෙකින්ම මගේ උන ඔයට ඇයි බැරි මගේ අම්මාට අම්මා කියන්න ආයු..."
"එත් අයියේ...මන් එන එක කරදරයක්ද නම්...අනික අයියේ වලව්වේ වැඩ කරන අය..."
"අයු පැටියො... එ දේවල් මන් බලගන්නම්...එ වගේම ඔයාව කරදරයක් වෙන්නේ ඇයි...ඔයා වගේ හුරතලයක් කොහොමත් එ වලව්වට කරදරයක් වෙන්නේ නැ... දන්නවද අයු... මන් ගෙදර ආපු ගමන් ප්‍රවීන අයෙත් මාව ඔයාව එක්කගෙන එන්න කියලා එව්වේ.... අම්මායි එයයි හරි අසාවෙන් ඉන්නේ ඔයා එනවට... ඉතින් එ අයට ඔය කරදරයක් වෙන්නේ කොහොමද..."අරෝෂ් කිවේ එක අතකින් අයුර්ගෙ ඔලුව අත ගමින් වෙද්දී අයුර්ගෙ ඇස් නම් අසාවෙන් දිලිසෙන්න අරන් තිබුන...
YOU ARE READING
Kamasutra | sinhala bl | 18+ | Completed
Kurgu Olmayanපැරණි සුරේන්ද්‍රන් වලව්වේ පොළවට පස් වුන ආදර කතා බොහොමයි අයුර්... චන්ද්‍ර × අයුර් ❤️