පාෂාණ..මේක අමුතුම කතාවක්..
පාෂාණ , නැත්තම් සුද්ද සිංහලෙන් කියනවනම් ගල්..
ගල් කියද්දි එක එක අයට එක එක දේවල් මතක් වෙනවා..
මං දන්නවා මං දන්නවා..
ඒ ගල් ගැන නෙමෙයි මේ කියන්නේ..අපි ජීවත් වෙන මේ සමාජයේ අපිත් එක්ක ජීවත් වෙන ගල් ගැන මං කියන්නේ..
ඒම කියද්දි විකාරයි වගේ නේද..
මේම හිතන්නකෝ..
අපි එක්ක ජීවත් වෙන සමහර මිනුස්සුන් ගේ හිත් හරි ශක්තිමත් හරියට කළු ගල් වගේ..සමහර මිනිස්සුන්ගේ හිත් හරි ලස්සනයි , දිළිසෙනවා හරි පිරිසිදුයි.. ඒ වගේ හිත් හරි මිලයි.. හරියට මැණික් දියමන්ති වගේ..
ඒ වගේම සමහර මිනිස්සුන්ගේ හිත් හරි ලාමකයි , සංවේදී ,ඉක්මනින් පරාජය පිළිගන්නවා.. ඒ අය ඉක්මනින් සමාජෙන් හේදිලා යනවා.. හරියට බොරළු වගේ..
ඔය ගල් අස්සේ තවත් ගල් ජීවත් වෙනවා ඒ අය කරන දේ කියන දේ ඒ අයවත් හරියට දන්නෑ.. කෙනෙක් ඉන්න තැන ඒ කෙනාට පන දෙන්න වගේ කතාව නැති තැන ඒ කෙනාගේ වැරදි කියවලා අපහාස කරනවා.. ඒම අය අපි එක්කම ඉන්නවා හැබැයි හොයාගන්න හරි අමාරුයි.. හරියට හුණු ගල් වගේ..
තව ගල් තියෙනවා ඒවා කාටවත් පේන්නෑ , දැක්කත් ගණන් ගන්නෑ , හැබැයි ඒ ගල් වල තියෙන පාසි , වැලි , දූවිලි , මැටි අයින් කරලා පිරිසිදු කරලා ගත්තාම ගෙයක් වුණත් හදන්න පුළුවන් ..
ඔය මොකේටවත් නැති අමුතු ගලුත් ඉන්නවා.. එක එක පාට , එක එක ප්රමාණ , එක එක දේවල් වලින් හැදුණු.. හැබැයි ඒවගින් කිසි වැඩක් නෑ.. ඔක්කොම බොල්..
ඒ වගේ තමා සමාජේ ඉන්න ගොඩක් මිනිස්සු කිසිම වැදගත් දෙයක් නොකර අනුන්ගේ කුණු හොය හොය කාලේ විනාස කර කර කාටවත් වැඩක් නොවෙන විදියට රටට සමාජෙට බරක් වෙලා ජීවත් වෙනවා..සමාජේ ලස්සන වෙන්න මේ ගල් ඔක්කොම ඕන.. හැබැයි දියුණු වෙන්න ගොඩක්ම කළු ගල් වගේම මැණික් දියමන්තිත් ඕන..
ඒ වගේ බොල් ගල් එක්ක ගැටෙන කළු ගල් , මැණික් දියමන්ති ගැන ලියවුනු ලස්සන ආදරණීය කතාවක් ඔයාලට මේ විදියට දිග ඇරුමටයි මේ අවසර..
මේක ලව් ස්ටෝරි එකක්ද , ඔව් ඔව් ලව් ස්ටෝරි එකක් නම් තමා.. හැබැයි වෙනස්ම විදියේ ලව් ස්ටෝරී එකක්..
_Kim_Siya_
Story cover එක හදලා දුන්න
අක්කිත්...
kavi317Story ලියන්න උදව් කරන Black__Swan__31 මගේ බෙස්ටිටත්..
Thank you .. ඔයාලව ආදරෙන් මතක් කරනවා..😚❤️
හැමෝම මල් කතා කියවද්දි වෙනස් වෙන්න අපි ගල් කතාවක් කියවමු මෙයා...!!!