Chapter 10 ❤️‍🔥

577 67 29
                                    


මොකක්ද ඒ තමුසේ කරේ රියා ආහ්..??

මො.. මොකක්ද ..ම.. මං කරේ ඔච්චර යකා නටන්න...

යකා නරන්න නෙමෙයි හරියන්නේ.. අර මිනිස්සු ඉස්සරහ හැසිරුණු විදිය හරි කියලද කියන්නේ..

මො.. මොන ..මොන මිනිස්සු ද..

ඇයි තමුසේ බබාද රියා .., අර ක්‍රිෂ් අයියයි ඉරෝනුයි ඉස්සරහ..

මං.. මං ඒකේ වැරද්දක් දකින්නෑ..

ඕහ්හ්.. ඔව් ඔව් වැරද්දක් නෑ.. ඒ දෙන්නා අපි ගැන මොනා හිතුවද දන්නෑ..

මොනා හිතුවත් මොකද අපේ ඇගේ වැදෙනවද යෂ් නෑනේ..

තමුසෙට කියලා වැඩක් නෑ රියා.. තමුසේ මුරණ්ඩුයි.. මෙහේ ආවාම ඒක තවත් වැඩි වුනා..

මො.. මොකද්ද යෂ් ඔයා ඔය කියන්නේ දෙයියනේ..

තමුසේ දවස් දෙකක් විතර කොහෙද ලේක්හවුස් එක පැත්තේ කරක් ගැහුවේ ආහ්.. තමුසේ නිකමටවත් මට කිව්වද..

ම.. මං..

මේ උදේ ග්‍රවුන්ඩ් එකේ ඉදන් සෙනූගේ ගෙදරට ආව වෙලේ ඉදන් යෂ් රියා කපල් එකේ යන වලියක් .. මේ දිහා සෙනූ තාම නිශ්ශබ්දව බලාගෙන ඉන්නේ අත මිට මොලවන් තරහින්..

චටාස්.. 💥

නොහිතූ විදියට යෂ් ගේ අතින් රියානට හොද කම්මුල් පාරක් හම්බුනා..ඒ වෙලාවෙනම් සෙනූ ඇදෙන් නැගිට්ටා..

ය..යෂ්.. ඔයා මේ ම.. මට

ඔව් මං තමුසෙට තමා ගැහුවේ.. තමුසේ හිතන්නේ මගේ ඇස් කන් වැහිලා කියලද ආහ්.. ගෑණියෙක් ගේ ඇගේ එල්ලිලා ටවුන් එකේ එහෙ මෙහේ යනවා මං දැක්කේ නෑ කියලද ආහ්...

වේදනාකාරී කම්මුළ අල්ලගත් රියා කදුළු වැටෙමින් කතා කරන්නේ වෙව්ලන කටහඩින්.. එයාට අනුව එයා කිසි වරදක් කරලා නෑ.. ඒත් යෂ්මික කියන විදියට එයා ලොකු වරදක් කරලා.. සෙනූ මේ දිහා බලන් ඉන්නේ ගොඩාක් ඉවසීමෙන් ..

අනේ.. ඒ .. ඒ ස්.. ස්වප්නා අක්කා.. මං ම..

ඇති ඇති රියා.. තමුසෙගේ කදුළු වලට මං උණු වෙන්නෑ.. මගුලේ ගියා මදිවට..

_ පාෂාණ _❤️‍🔥Where stories live. Discover now