ඔයා අදත් පරක්කුයි වලහෝ..
ඒ රියා.. යෂ්ගේ වචනෙන් කියනවනම් පිටසක්වලි..
නින්ද ගියා පිටසක්වලී.
ඔන්න අදත් පටන් ගත්තද මැට්සන් ..ඔය එක එක නම් කියන් එන්න එපා හොදේ..
ඒනම් තමුසෙත් කියන්නේ..
ඒ ආදරේටනේ ඕයී..
අනේ මේ තමුසෙගේ බම්බු ආදරේ..
රියා යි යෂ්මිකයි ලයිබ්රී හෝල්ට් ඉදන් මේ කියව කියව යන්නේ එයාගේ බයෝ ක්ලාස් එකට..
හැමදාම වගේ අදත් යෂ්මික පරක්කුයි..
කොච්චර පරක්කුයි වුනත් යෂ්මික එනකම් රියා ලයිබ්රී හෝල්ට් එකට වෙලා ඉන්නවා..ඒ තමා එයාලාගේ යාළුකම.. අනිත් කෙල්ලොන්ට වඩා රියා වෙනස්.. ඇත්තටම කිව්වොත් රියාට යාළුවෝ අඩුයි.. ගෑනූ යාළුවෝ නැති තරම්.. එයාගේ හොදම යාළුවා වගේම හැමදේම යෂ්මික ..
ඒලෙවෙල් ක්ලාස් එකේදී අහම්බෙන් හම්බුණ මේ යාළුකම දැන් දෙන්නට දෙන්නට නැති තරම් බැදිලා..ඔක්කොම හරි මේක නගින්න ගියාමනේ එපා වෙන්නේ.. සිරීපාදේ වගේ..
ඕක ඉතිම් තමුසේ හැමදාම මතුරනවනේ..
ඕක කිව්වා කියලා පඩිපෙල් ගාන අඩු වෙන්නෙවත් , අපිට තටු එන්නෙවත් නෑනේ..තටු එන්නෙනම් නෑ තමා.. ඒත් ලිෆ්ට් එකක් වත් හදන්නෑනේ මේ නාකියා.. තියෙන ලෝභකමනේ ඉතිම්..